චීනෙට දවස් 6න් රෝහලක් : මීගමුව රෝහල් ගොඩනැගිල්ල භාර දෙනව කියලත් අවුරුදු 4ක්

0
138

negombo hos

මේ දිනවල පැතිරෙමින් පවතින කොරෝනා වෛරස් තත්වයට මුහුණ දීමට හා එය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා චීනය විසින් දින 6කින් රෝගීන් 1000 දෙනෙකුට ප්‍රතිකාර කල හැකි රෝහලක් මේ වන විට නිර්මාණය කල අවසන්. මින් පෙර අවස්ථාවකදීත් SARS නම් වෛරසයට මුහුණ දීම සදහා දීනය දින 7කු තුල රෝහලක් නිර්මාණය කල බවටද වාර්ථා වනවා.

වෛරසයකට මුහුණ දීම සදහා චීනය එසේ සූදානම් වන විට දිස්ත්‍රික් මහ රෝහලක් වන මීගමුව රෝහලනම් සිටින්නේ ඊට ගව්ගානක් දුරින්. මීගමුව රෝහලේ මහල් ගොඩනැගින්ලලේ පවතින අබලන් තත්වය හේතුවෙන් එහි සිටි රෝගීන්ට ඉවත් කර රෝහල ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කලේ මින් වසර ගණනාවකට කලින්. එහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර රෝහල නැවත භාර දෙන ලෙස කොන්ත්‍රාත්කරුවන් පවසා ඇත්තේ 2015 වසරේදීයි. ඒත් තවමත් මීගමුව රෝහල වෙත යන හෝ රෝහල අසලින් යන ඕනෑම කෙනෙකුට මීගමුව රෝහල තවමත් ප්‍රතිසංසකරණය වෙමින් පවතින දැකගත හැකැයි.

මෙසේ සියලු දේ සලකා බැලීමේදී ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සියලු දෙනාම පත්ව ඇති අසරණ තත්වය ගැන අප නැවත නැවතත් සිතා බැලිය යුතුයි. ලොව වෙනත් රටවල්වල හැසිරීමත් ජරාජීරණ වූ දේශපාලන සංස්කෘතියත් සමග ශ්‍රී ලංකාවේ සෑම අංශයකම හැසිරීමත් අතිශය සෘණාත්මක වීම අපේ අනාගත පරපුර සදහා කෙසේ බලපානු ඇත්දැයි අපට සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.