චෙරි මල්….

0
98

ජපානයේ සෑම වසන්ත කාලයකටම එහි වූ සකුරා උද්‍යාන පිරී යන්නේ දහසක් වූ තරැණ වෘතිකයන්ගෙන්.ඔවුන් සෑම දෙනාම පාහේ ඔවුන්ගේ ප්‍රධානීන් විසින් එම ස්ථාන වෙත යොමුකර ඇත්තේ තම ආයතනය විසින් සංවිධානය කරනු ලබන එළිමහන් උත්සව අවස්ථාවන් සදහා එම සකුරා උද්‍යානයේ ස්ථානයක් වෙන් කර ගැනීම සදහාය
ජපානයේ වසන්ත කාලයේ ආරම්භයත් සමගම  සිදුවෙන මෙම සකුරා මල් පිපීමත්  ජපානයේ ව්‍යාපාරික වර්ෂයේ ආරම්භයත් සිදුවන්නේ එකටමයි.
මෙසේ නව වෘතිකයන්ව පරික්ෂාවට ලක් කෙරෙන ලිට්මස් ටෙස්ට් එක වන්නේත් මේ සමයයි.එක්  ජපානයේ සම්ප්‍රධායක් බවට පත් වී තිබෙනවා.
මෙලෙස තම ආයතනයේ උත්සව සදහා සකුරා උද්‍යානයන්ගේ ස්ථානයක් වෙන් කර ගැනීම ඔවුන්ගේ හනාමි නම් වූ සම්ප්‍රධායේ විශාලතම වැදගත් අංගයක් වෙනවා.
හනාමි යනු ඔවුනට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හා මිතුරන් සමග එක්වී සකුරා මල් වලින් පිරීගිය සකුරා උද්‍යාන වල කාලය ගත කරමින් එහි සුන්දරත්වය විදීමට ඇති අවස්ථාවක් ලෙස සලකන්න පුලුවන්. මෙලෙසම ව්‍යාපාරික ආයතනත් හනාමි අවස්ථාවන් සංවිධානය කරනවා.එමගින් ඔවුන් අගයන්නේ තම සංවිධානයේ නව වෘතිකයින් කොපමණ දුරට සාර්ථක අයුරින් මෙම අවස්ථාවන් සංවිධානය කරනවාද නැද්ද යන්නයි.ඒ නිසයි නව වෘත්තිකයන්ගේ හැකියාවන් මණින මිණුමක් බවටත් මෙය පත්ව තිබෙන්නේ.

.මෙම වර්ෂයේ කාළගුණ විද්‍යා ආයතනය විසින් ඉදිරිපත් කල ප්‍රකාශයට අනුව මෙම වර්ෂයේ සකුරා මල් පිපීමේ උච්චතම අවස්ථාව සිදුවී තිබුනේ මාර්තු මාසයේ 22වෙනිදා ටෝකියෝ නගරයේදීය.
මෙය ජපාන ඉතිහාසයේ දෙවැනියට කලින්ම සකුරා මල් පිපුන අවස්ථාව ලෙසයි  වාර්ථා වෙන්ෙන්
.මෙදා සැරේ නොහිතපු විදියට  සකුරා මල් කලින් පිපීම ජපානයේ ආයතනයන් වල නව වෘතිකයන්ගේ පළමු කාර්‍යයට දැඩි බලපෑමක් කරනු ලැබුවා.ඒක ඇත්තටම එයාලගේ කලින් කරගත් සැලසුම් තරමක් අවුල්කරන්නත් හේතු වුණා.
එයට හේතු වූයේ මල් පිපී ඇති කාලසීමාව කෙටි වීමත් ආයතන වල හනාමි උත්සව සංවිධානය වන්නේ අප්‍රේල් මාසයේ ආර්ම්භයත් සමග වීම හින්දයි
ජපානයේ ව්‍යාපාරික පුවත්පතක් වූ NIKKEI.com වාර්ථා කරන්නේ ‍මෙලෙස නව වෘතිකයන්ට හනාමි උත්සව සංවිධානය කරන්න යැයි කීම ඔවුගේ ශ්‍රමය අයුතු ලෙස භාවිතා කිරීමක් ලෙසයි.
එම පුවත්පත වාර්ථා කරන ආකාරයට ඔවුන් මෙය අර්ථ දක්වන්නේ නව වෘතිකයන් වෙත ඔවුන්ට කල නොහැකි කාර්‍යයක් පැවරීමක් හා ඔවුනගේ  පුද්ගලික ජීවිත සදහා බලපෑම් කිරීමක් ලෙසයි.
කොහොම උනත් මේක අද ජපානයේ සම්ප්‍රදායක්….

ග්ලොබල් වොයිස් ඇසුරෙන් -චින්තිකා මිතිලායා.