”චෝගම් සෝලිය” රාජපක්ෂලාටම පාරා වළල්ලක්වීම

0
140
මානව හිමිකම් උළෙලට පැමිණිමට උතුරේ් අම්මලාට ඉඩනොදිමට එරෙහිව විරෝධයක්
මානව හිමිකම් උළෙලට පැමිණිමට උතුරේ් අම්මලාට ඉඩනොදිමට එරෙහිව විරෝධයක්

manner 2manner 3

(ලංකා ඊ නිව්ස් -2013.නොවැ.16, ප.ව.10.30) අති මහත් මහජන මුදල් කන්දක් කාබාසිනියා කරමින්් නැතහොත් මහා වියදමක් පෙන්වා එම මුදල් වලින් විශාල ප්‍රමාණයක් තමන්ගේ සාක්කුවට දා ගනිමින් මැදමූලන රාජපක්ෂ රෙජීමය විසින් නටන ලද චෝගම් සෝලිය නිමා වූයේ රාජපක්ෂලාටම පාරා වළල්ලක් වෙමිනි.

මහින්ද රාජපක්ෂ ලෝක නායකයෙකු ලෙස සිය ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමට සියළු උත්සාහ දැරුවද තම උද්දච්ඡ භාවය නිසාම ඒ සියළු උත්සාහයන් ගඟට කැපූ ඉනි සේ වීම වැලැක්විය නොහැක්කක් විය. සමුළුව පැවැත්වූ දින දෙක තුනක සුළු කාලය පුරා රාජපක්ෂ රෙජීමය විසින් සිදුකරන ලද්දේ අමන මරි මෝඩ තකතීරු උද්ධච්ච කි්‍රියාවන්ය.

• ඕනෑම ප්‍රදේශයක සංචාරය කරන්නැයි විදෙස් මාධ්‍යයන්ට පොරොන්දු වී සිය බුද්ධි අංශය සහ හෙංචයියන් යොදවා චැනල් 4 මාධ්‍යවේදීන්ට අනුරාධපුරයෙන් එයාට යෑමට ඉඩ නොදී හරවා එවීමත්,
• විපක්ෂය සංවිධානය කරන ලද මානව හිමිකම් උළෙලට සිවිල් ඇඳුම් හැඳගත් හමුදා භටයන් විසින් පහර දීමත්,
• රටේ විපක්ෂනායකයාගේ රථයට පහර දී විපක්ෂනායකයා එළියට ගෙන පහර දීමට තැත් කිරීමත්,
• ඉන් නොනැවතී ඊට පසුදාම සිය අතුරු හමුදාව වන බොදු බලසේනාව විපක්ෂ මූලස්ථානයට බලහත්කාරයෙන් යවා එහි සූදානම් කර තිබූ භික්ෂූන් 150 ක් සහභාගී වූ දානමය කටයුත්තට බාධා කරමින් මානව හිමිකම් ප්‍රදර්ශනය කඩා බිඳ දැමීමට උත්සාහ කිරීමත්
• විපක්ෂය පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව වර්ජනය කිරීමත්
• උතුරේ සිට කොළඹ පැමිණි ජනයාට එන්නට ඉඩ නොදී හරවා යැවීමත්,
• මානව හිමිකම් සමුළුවට බාධා මධ්‍යයේ පවා කොළඹට පැමිණි දෙමළ ජනතාව පැය ගණනක් පුරා පොලිසිය යොදවා සිරිකොත මන්දිරයෙන් එලියට පැමිනීමට ඉඩ නොදී නිවාස අඩස්සියේ තබා ගැනීමත්,
• ඔවුන්ට කොටි ලේබලය අලවා පොලිසි ගානේ රස්තියාදු කරවීමත්
• පෙර දා අනුරාධපුරයේදී අඩම්තේට්ටමට ලක්කළ චැනල් -4 මාධ්‍යවේදීන් විසින් දෙමළ ජනයා නිවාස අඩස්සියේ තබා ගැනීමට විශාල ප්‍රචාරයක් ලබා දීමත්
• මහජන රැස්වීම් වාරණය කරමින් ලබා දුන් නීති විරෝධී අධිකරණ තීන්දුවත්
• පොදුරාජ්‍ය රටවල ප්‍රධාන රට වූ බි්‍රතාන්‍යය අගමැතිවරයා විසින් මාර්තුවට පෙර යුද අපරාධ ගැන ස්වාධීන වගවීම් සහිත පාරදෘශ්‍ය තමන්ගේම පරීක‍ෂණයක් නොකළහොත් ජාත්‍යන්තර පරීක‍ෂණයක් සඳහා අනිවාර්යයෙන්ම කටයුතු කරනවා යැයි කරන ලද ප්‍රකාශයට ලෝක ජනමාධ්‍ය විසින් විශාල ප්‍රචාරයක් ලබා දීමත්
• මහින්ද රාජපක්ෂගේ සමුළු කතාවේදී අනවශ්‍ය හින්ට් ගැසීමට යෑමෙන් සහ තම මාධ්‍ය හමුවේදී රස්තියාදු කාරයෙක් ලෙස හැසිරීමත්

ආදී හේතු රැසක් නිසා මැදමූලන රාජපක්ෂ ගේ ප්‍රතිරූපය ගොඩ නැගීමට වඩා සිදුවූයේ තිබුණු ප්‍රතිරූපය පවා බිඳ වට්ටවා ගැනීමකි. මේ පිලිබඳ විපක්ෂය පමණක් නොව රාජපක්ෂ ආණ්ඩුවේම ඇමැතිවරුන් ප්‍රසිද්ධියේම කතා කෙළේ දැඩි කලකිරීමකිනි. එනිසාම ඊයේ සමාරම්භක සමුළුවට සහභාගී වූ ඇමැතිවරු විශාල පිරිසක් අද පැවැති සමුළුවට සහභාගී වීම පවා අත් හැරියහ.

මහින්ද රාජපක්ෂ චෝගම්හි කරන ලද කතාවේදී අනවශ්‍ය හින්ට් ගසමින් පරිනත නොවූ රස්තියාදු කාර නායකයෙකුගේ ලක්ෂණ පළ කළ බවත් ඔහුට කතාව ලියා දී ඇත්තේ ඔහුගේ සතුරෙකු විසින් යැයි තමාට සිතුණු බවත් එක්තරා විදේශ ජනමාධ්‍යවේදියෙක් ලංකා ඊ නිව්ස් වෙත පැවසුවේ සිනහා වෙමිනි. ඔහු විසින් පවත්වන ලද්දේ පවතින ගැටුම් සමනය කෙරෙන ආකාරයේ කතාවක් නොව අභියෝග කෙරෙන, හින්ට් ගහන, චන්ඩි කතාවක් යැයි ද ඔහු වැඩි දුරටත් පැවසීය. අඩුම ගණනේ යුද්ධයෙන් මිය ගිය සිවිල් ජනතාව ගැන තමා කම්පා වනවා යැයි ප්‍රකාශ කිරීම හෝ තම ඥාතියා මිය ගිය හෝ අතුරුදහන් වූ අයගේ පවුල් වෙත කණගාටුව හෝ මෙහිදී ප්‍රකාශ කළා නම් ලෝක නායකයන්ගේ සහ ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානය සහ අනුකම්පාව රාජපක්ෂ වෙත දිනා ගත හැකි වුවත් ඔහු එවැන්නක් හෝ නොකෙළේ මන්දැයි තමා පුදුම වන බවද අප වෙත අදහස් දැක්වූ විදේශ ජනමාධ්‍යවේදියා පැවසීය. ‘ජාතීන් සතු ශ්‍රේෂ්ඨතම ධනය ජනතාව බව අප අමතක නොකළ යුතුයැයි’ රාජපක්ෂගේ කතාවේදී පවසද්දී තම රටේ යුද්දයෙන් මිය ගිය සිවිල් වැසියන් ගැන ඔහුට අමතක වුයේ කෙසේදැයි ද ජනමාධ්‍යවේදියා ප්‍රශ්න කෙළේය.

බුදුන් වහන්සේගේ අනන්තවත් වැදගත් ධර්ම ඛන්ඩ උපුටා දැක්වීමට තිබියදී මහින්ද රාජපක්ෂගේ කතාව අවසන් කෙළේද අනෙක් ජාතීන්ට හින්ට් ගැහීමට බුදුන් වහන්සේගේ ධර්ම ඛන්ඩයක් ගෙන හැර පාමිනි. “අනුන්ගේ රළු පරළු කථා ත්, අනුන් කළ නොකළ දේත් නො සෙවිය යුතු ය. තමා ගේ ම කළ නොකළ දේ සෙවිය යුතුය” යනුවෙන් බුදුන් වහන්සේ කියා තිඛෙනවා යයි මහින්ද රාජපක්ෂ පැවසීය. ඔහු එය යුද අපරාධ ගැන සොයන රටවලට හින්ට් ගැසීමට කීවද තමාටද එය ගැලපේ. තමාගේම කළ නොකළ දේ සෙවිය යුතුය කියා කියන්නේ නම් අනෙකුත් රටවල් කියන්නේද තමන් කරන ලද යුද අපරාධ ගැන තමන්ම පරීක‍ෂණයක් පවත්වන ලෙසය. නමුත් එය රාජපක්ෂ තාලේ එකක් නොව ස්වාධීන, වගවීම් සහිත, විනිවිද භාවයෙන් යුක්ත එකක් විය යුතු යැයි ඔවුන් කියන්නේ ය. නොඑසේ නම් ජාත්‍යන්තර පරීක‍ෂණයක් තැබිය යුතු යැයි අවධාරණය කරන්නේ ය. යුද්දයේ අවසාන දින වල මරා දැමුණු දෙමළ සිවිල් ජනයා පමණක් නොව එල්ටීටීඊයට ආයුධ බිම තබා යටත් වූ නැගෙනහිර සිංහල පොලිස් නිලධාරීන් 600 ක් මරා දැමීමේ යුද අපරාධයත් සෙවිය යුතු යැයි කියා ගන්නටවත් රාජපක්ෂලාට නොහැකිය. මන්දයත් ඒ අපරාධකාරයා ද සිටින්නේ දැන් රාජපක්ෂ රෙජීමය සමග බැවිනි.

චොගම් කොළඹ සමුළුවෙන් අවසානයේ සිදුවූයේ මහින්ද රාජපක්ෂ ඒකාධිපතියෙක්ම බව ලොවට තව තවත් තහවුරු වීමකි. සියළු කාරණා සහ ජාත්‍යන්තර තලයේ ප්‍රධාන මාධ්‍ය කොළඹ චොගම් සමුළුව ගැන ලොවට කියා පෑ කරුණු අනුව පෙනී යන්නේ අති මහත් ධනස්කන්ධක් වියදම් කරගනිමින් රාජපක්ෂ කොලේ ඉරා ගත් බවයි.

උපුටා ගැනීම – www.lankaenews.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here