ඡන්දයට මුට්ටිය දැමිම හෙවත් දෙවන පාසැල් වාරය!

0
68

MR-GR-2019.12.12රට තවමත් පවතින්නේ දැවැන්ත අර්බුදයකය.තතු එසේව තිබියදි රජය කඩිමුඩියේ දෙවන පාසැල් වාරයට දැන් දිනත් නියම කරගන්නට තරම් හදිස්සි වි ඇත.මෙරටින් හමුවු පළමු කොරෝනා ආසාදිතයා ගැන දැනගන්නට ලැබෙන්නේ මාර්තු 11වෙනිදාය.එනම් අදට මාසයකි.එ අනුව රජය මේ කියන්නේ තවත් මසක් ඇතුලත කොරෝනා වසංගතයෙන් රට ගොඩඑන බවද.?

මේ අර්බුදයට මුහුණ දි ඇති කිසිදු රටක් මාස 2ක් ඇතුලත මේ වසංගත තත්වය අවසන් කලහැකි බවක් ගැන කියනවා අප අසා නැත.මේ රටේ පාලකයන්ට දැන් ඇත්තේ එකම න්‍යාය පත්‍රයකි.එනම් ඡන්දයයි.රටත් ජනතාවත් දැන් නම් දරුවන් පවා බිල්ලට දෙමින් වුව මේ කැස කවන්නේ ඡන්දයකට මුට්⁣ටිය දැම්මට හැර අන් කවරක් සදහාද?

නාම යෝජනා භාර දෙන තෙක් ඇදිරි නීතිය දමා දැඩි පාලනයකට නොගිය මේ අයගේ ඡන්ද මානසිකත්වය දැන් රටේ බහුතරයක් දෙනා හොදින් දනි.මේ ගැන කාර්දිනල් මැල්කම් හිමි හෙට පාස්කු ඉරුදින කියන්නට යන්නේ කුමක්දැයි අප වඩාත් අවධානයෙන් සිටින්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here