ඡන්දය දැමිමට මුස්ලිම් ජනයා යමින් සිටි බස්රථවලට තන්තිරිමලේදි වෙඩි ප්‍රහාරයක් ?

0
66

bus 1ඡන්දය දැමිමට මුස්ලිම් ජනයා යමින් සිටි බස්රථවලට නාදුනන පිරිසක් විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරි මලේ ප්‍රදේශයේදි අද පෙරවරුවේදි වෙඩි තබා ඇතැයි වාර්ථාවේ.
මේ සිදුවිම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය විසින්ද සනාථ කර ඇතැයි මාධ්‍යවේදි අසාම් අමීන් ටුවිට්ර් පණිඩයක් තබමින් තහවුරු කර තිබේ.
මේ අතර අද වෙබ් අඩවිය ඊයේ වාර්ථා කොට තිබුනේ මුස්ලිම් ජනයාව මන්නාරමට ගෙන යාමට බස්රථ ප්‍රමාණයක් සුදානම් කර ඇතැයි පොහොට්ටු මන්ත්‍රි සනත් නිශාන්ත පුත්තලම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට  පැමිණිලි කර ඇතැයි කියාය.
මෙම සිදුවිම හින්දු පුවත් විසින් වාර්ථා කොට තිබුනේ මුස්ලිම් ජනයා රැගත් බස් රථ 100 ක ගමන අඩාල කිරිම සදහා ටයර් පුච්චා මාර්ග බාධක පවා අටවා තිබුණ බවය.පසුව පොලිසිය වහා මැදිහත්වි පොලිස් ආරක්ෂාව යටතේ මේ ජනයා හට ඡන්ද පොලට යාමට කටයුතු සලසා තිබුණ බවය.
ඡයා-අද වෙබ් අඩවිය