ඡන්දය ප්‍රකාශ කිරිම වාර්ථා කරන්න ගිය මාධ්‍යවේදින් පිරිසක් අත්අඩංගුවට?

0
69

ballotඑක්සත් ජනතා සන්ධාන මන්ත්‍රී  ඩලස අලහප්පෙරුම අද දික්වැල්ලේදි ඡන්දය ප්‍රකාශ කරන්නට ගිය අවස්ථාව වාර්තා කරන්නට ගිය මාධ්‍යවේදීන්  5දෙනෙකුව එකි මැතිවරණ  මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිවරයා  විසින් පොලිසියට  භාර දි ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය  නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලයෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන් පවසා සිටියේ අදාල ප්‍රදේශය භාර සහකාර මැතිවරණ  කොමසාරිස් වරයා විසින් අවවාද  කොට නිදහස් කිරිමට  නියමිත බවය.

මැතිවරණ නීතියට අනුව ඡන්දය ප්‍රකාශ කිරිමට අදාල දැ වාර්ථා කළහැක්කේ මිටර 100කට මෙහායින් සිට බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් නිදහස් හා සාධාරණ  මැතිවරණයක් සදහා වු ව්‍යාපාරයේ ප්‍රකාශයෙකු සදහන් කළේය.
එමෙන්ම ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු කියා සිටියේ ඡන්දය දෙන  අයුරුද ශාලාව තුලට පැමිණ  වාර්ථා කිරිම සිදුනොකළ යුතු බවට මාධ්‍ය ආයතන නියෝජිතයන් හා මැතිවරණ කොමසාරිස්වරයා අතර පැවැති විශේෂ සාකච්ජාවකදි එකඟතාවයකට පැමිණ ඇති බවය.
එසේ ඉඩ ලබාදුන හොත් එහි වරද පැටවෙන්නේ අදාල ස්ථානාධිපතිට බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here