ඡන්ද පොරොන්දුවක් වී ජනතාව අනතුරේ හෙළන අනතුරු දායක වලක්….

0
604

 

IMG-20201127-WA0004IMG-20201127-WA0006IMG-20201127-WA0008( 9.00 am ) මීගමුව සහ කොච්චි කඩේ අතර පලඟතුරේ ,බසිමුල්ල නම් ප්‍රදේශයේ බසිමුල්ල ලෙල්ලමට යන පාරේ අනතුරු දායක වලක් නිසා අවට ජනතාව දැඩි ලෙස කලකිරීමෙන් පසුවෙති. ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට මෙම වල නිර්මාණය වී ඇත්තේ ඒ ආසන්නයේ අැති ගොඩනැගිල්ලක් තැනීම සඳහා සිමෙන්ති මිශ්‍ර කරන යන්‍ත්‍රයක් ගෙනගිය වාහනයක් ගැටීමෙන්ය. එය සිදුවී වසර පහක් පමණ වන නමුත් , කිසිවෙකු වල වසාදමා පාර යථාතත්වයට පත් කිරීමට මැදිහත් නොවූ බවත් පවසයි.
මෙම වල ඇති පාරෙන් මාළු රැගෙන යන වාහන නිතර ගමන්කරන , ධීවර ජනතාව , ⁣මාළු වෙළඳාමේ සහ මිලදී ගැනීමට පැමිණෙන අය නිතර ගමන් කරන පාරක් වන අතර ඒනිසාම ජනාකීර්ණ වූ ප්‍රදේශයකි. එබැවින් , මෙකී වල නිසා වාහන වලට සිදුවන අලාභද , කුඩා ළමුන්ට සිදුවන අනතුරුද නිතර දැකිය හැකි බව ප්‍රදේශවාසීන් පවසති.
මැතිවරණ කාලයේදී විවිධ පක්ෂවල දේශපාලකයින් පැමිණ වල බලමින් ගිය නමුත් තවමත් ඊට විසඳුමක් නොලැබුනු බවත්, එමෙන්ම මේ ගැන කිවයුත්තේ කාටදැයි ඔවුන් නොදන්නා බවත් පවසයි. ඒ නිසා මේ සඳහා විසඳුමක් තමන් රජයෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් තවදුරටත් පැවසීය.
මෙසේ භයානක වලක් මෙවැනි ස්ථානයක, වසර ගනනාවක් තිස්සේ මේ ආකාරයෙන් තිබීම බරපතල තත්වයකි. ඒ නිසා මෙවැනි ගැටළුවකදී අසරණ වන ජනතාවට පිහිටවීම ජනතා නියෝජිතයින්ගේ සහ අදාල බලධාරීන්ගේ වගකීමක් සහ යුතුකමක්ද වන බව අප මෙහිදී සිහිපත් කරන අතර වහාම මේ සඳහා මැදිහත් වන ලෙස අවධාරණය කරන්නෙමු.
සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here