ඡන්ද 19 ක් ගත්තු මන්ත්‍රි සහ බෝතල් පත්තරකාරයෝ !

0
76

donkekyකෙහෙල් ඇවරි මන්ත්‍රිවරයාට එරෙහිව විනය පරික්ෂණයක් පක්ෂය විසින් ඉදිරි දිනයකදි පැවැත්විමට නියමිතය. ඒ පක්ෂයේ නායකයා වන මෛත්‍රි ගුණරත්න විසින් දුන් නියෝගයට පිටුපා කටයුතු කිරිම හේතුවෙනි.
පසුගිය දිනක විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කෙහෙල් ඇවරි පක්ෂයේ මීගමුව ආසන සංවිධායක කපිල නන්දසුලෝචන මේ බව හෙළිදරව් කර තිබුණි.
මේ සියල්ලට නිමිත්ත වි තිබුනේ නිමල් ලංසාගේ පවුලට බිච් පාක් එක යළිත් වරක් ටෙන්ඩර නොකරම 10% ක්  පමණක් වැඩිකර ලබාදිමට ජනතා විරෝධි කපුකම කර තිබුනේ ප්‍රෙඩ් ඩෙක්ස්ටර් මන්ත්‍රිවරයා විම නිසාය.
තතු එසේව තිබියදි ඔහු විසින් කර ඇත්තේ අගනා ක්‍රියාවක් යැයි කියා ඇතැම් බෝතල් පත්තරකාරයන් විසින් මීගමුවේ බදුගෙවන ජනයාව නොමග යවමින් සිටින හෙයින් අප යළිත් වරක් ඩෙක්ස්ටර් මන්ත්‍රිවරයාගේ ජනතා විරෝධි ක්‍රියාව පිලිබදව යළිත් මතුකිරිම කළයුතු යැයි තින්දු කළෙමු.
ඉඩම් බ්‍රොකර්ලාගේ බෝතල් පත්තර කලාව ගැලපෙන්නේද ඡන්ද 19 ක් පමණක් ගෙන මන්ත්‍රිවරයෙකු යැයි කියන්නට ලැජ්ජාවක් නැති ඩෙක්ස්ටර්ලාගේම දේශපාලනයට පමණි.මේ අයට අපට කියන්නට ඇත්තේ හාදවෙලා යමන් පණේ යැයි කියාය.