ජංගම දුරකථනයක් නිසා කප්පම් පෙම්වතා පොලිසියට කොටුවෙයි !

0
332

 

HQI-new-5
2017 අගොස්තු මාසයේ සිසුදරු දැරියන්ට ඔවදන් දෙන මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක උදයකුමාර වුඩ්ලර් මහතා

(7.30 am )දරුවන් ගැන සෑමවිටමකම මහත් අවධානයකින් යුතුව සිටිය යුතු බව යළිත් වතාවක් මතක් කොට දෙන සිදුවිමක් පසුගිය දා මීගමුවෙන් වාර්තා වි තිබුණි.
එය මාධ්‍ය සිරස්තල සැරසිම සදහා කෝටිපති ව්‍යාපාරිකයෙකු යන ලේබලය අලවා  තිබුණද මේ වැඩිමහල් පෙම්වතා ඇත්තට කප්පම් ඉල්ලා ඇති තවමත් කල වයස පවා ඉක්මවා නොගිය සිය ලාබල පෙම්තියගේම තාත්තාගෙනි.
නොමේරු වයස්වල පසුවන මෙවන් නොදරුවන් සමගින් පවා නොමනා සබදකම් ගොඩනගාගෙන ඔවුන්ගේ මුළු ජිවිතයට කාලකණ්නි කරන සිදුවිම් දැන් බහුලය.
මීගමුවට පැමිණි අලුතම මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතා මීගමුවේ පාසැල්වලට යමින් තරුණ දරුවන් අමතමින් සිය අත්දැකිම් මෙවන් සිදුවිම් අරභයා කදිමට පැහැදිලි කර සිටියේය.
යළිත් වරක් එවන් රවුමක් යෑමේ අවැසිතාව මතුව තිබේ.

පසුගියදා මිගමුවේදි සිදුව තිබුණ ජවනිකාව  සැකෙවින් මෙසේය.

………..මීගමුව සෙන්මේරිස් පාරේ කාන්තාවක් පසුගිය 28වනදා සවස 5.00ට පමණ මීගමු පොලීසියට පැමිණ තම 15 හැවිරිදි දියණිය පැහැරගත් බවට පැමිණිල්ලක් දමා ඇත. එදිනම රාත්‍රි 8.00ට පමණ මෙම ගැහැණු දරුවාගේ පියාට දුරකතන ඇමතුමකින් කියා ඇත්තේ මෙම ගැහැණු දරුවා තමා යටතේ සිටින බවත් රු. කෝටියක් ලැබුනහොත් ඇය ආපසු දිය හැකි බවත්ය. පියා කප්පම්කරු සමග නැවත කතාකොට මෙම කප්පම ලක්ෂ 10 දක්වා අඩුකරගෙන ඇති අතර සල්ලි දෙන ස්ථානය පසුව පවසන බවත් කප්පම්කරු ප්‍රකාශකර ඇත.

මේඅතර මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවූ පොලිස් පරීක්ෂක සම්පත් දිසනායක මහතාට ලැබුනු තොරතුරක් මත සොයාබැලීමේදී මීගමු නගරයේදී මෙම ගැහැණු දරුවා සොයාගෙන ඇත. ඇගෙන් කළ විමසීමේදී සුදුවෑන් එකකින් පැමිණි වයස අවුරුදු 45ක පමණ කාන්තාවක් ලෙන්සුවකින් මුහුණ වසා තමන් රැගෙන ගියබවයි. කටාන දෙසට යන අතර වෑන් රථයේ සිටි අය කඩයකට ගිය මොහොතේ තමන් ඉන් බේරී පැනගොස් ලොරි රථයක නැගී පැමිණි බවත් ඇය ප්‍රකාශ කළාය. මේ පිළිබදව විමර්ශනය කළ පොලිස් පරීක්ෂක සම්පත් මහතා ඇගේ ඉරියව් නිරීක්ෂණය කරමින් ඇගේ දුරකතනය පරීක්ෂා කර බලන ලදී. මෙහිදී ලැබුනු දුරකතන විශ්ලේෂණ සහ පරීක්ෂණ අනුව කාමච්චෝඩය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගන්නාලදී. එම තරුණයා ගෙන් ප්‍රශ්ණ කිරීමේදී සියළු තොරතුරු ඔහුවිසින් හෙළිකරන ලදී. මේඅනුව මෙම තරුණයා ව්‍යාපාරිකයාගේ දියණිය සමග සම්බන්ධ කමක් කලක සිට පවත්වාගෙන ගොස් ඇති අතර මෙදින (28දින) මුහුදු වෙරළේ ඇවිදිමින් සිටින විට රෑබෝවූ හෙයින් හෝටල් කාමරයක ගැහැණු දරුවා නතර කොට ඔහු නිවසට ගාස් ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරලමහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී මොහොමඩ් රිපාඩ්මහතාගේ උපදෙස් මත මිගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයකුමාර වුට්ලර් මීගමුව කොට්ඨාශභාර අපරාධවිමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක සමග

පො.සැ. 63188 – රවුප්,පො.කො. 82068 –සම්පත්, 31877 –චතුරංග,,, 37928 වන්නිආරච්චි

,, 88441 හපුවිට

,, 82442 පෙරේරා

,, 34292 නලින්ද

,, 78941 පුෂ්පකුමාර

පො.කො.රි. – 85438 ජයකොඩි යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.