ජනතාවගේ ඉල්ලිම වසර 4 කට පසු ඵලදරයි ! මීගමුව රෝහල මධ්‍යම රජයට !

0
69

4බස්නාහිර පළාත් සභා පාලනය යටතේ පැවැති මීගමුව රෝහල අද පත්ව  ඇති තත්වයට මුළුමනින්ම වගකිවයුුතුව ඇත්තේ ඒ පළාත් සභා පාලනය බවත් තවදුරටත් රෝගි ජිවිත සමගින් සෙල්ලම් නොකර එය මධ්‍යම රජයේ පාලනයට පවරා දෙන ලෙසත් ඉල්ලමින් මීගමුව රෝහල ඉදිරිපිටද 2015 වසරේදි  දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි.
මේ විරෝධතාවය සදහා 50 කට ආසන්න කිතුණු පියතුමන්ලා පිරිසක්ද එක්ව තිබිම විශේෂයකි.එමෙන්ම ආගමික සහයෝගිතාවය පෙන්වමින් භික්ෂුන් වහන්සේලා මෙන්ම අනෙකුත් ආගම්වල ආගමික නායකයන්ද එදා එක්ව සිටිනු දක්නා ලදි.
එහෙත් යහපාලන රජය මේ ඉල්ලිම ඉටුකර දුන්නේ නැති අතර ඒ සදහා ප්‍රදේශයේ දේශපාලකයන් පවා ප්‍රමාණවත් මැදිහත්විමක් සිදුකර තිබුනේද නැත.කෙසේ වෙතත් යහපාලන රජයේ අවසන් කාර්තුවේ මේ වෙනුවෙන් ක්‍රියාත්මක වි අරබා තිබුණද රජය වෙනස් විමත් සමගින් එය තවත් කල් ගියේය.කෙසේ වෙතත් පසුගිය කැබිනට් මණ්ඩල රැස්විමේදිමීගමුව දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජය වෙත පවරා ගැනීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය, බණ්ඩාරණායක ගුවන් තොටුපලසහ කටුනායක නිදහස් වෙළඳ කලාපයට සමීපව පිහිටා ඇති මීගමුව දිස්ත්‍රික් මහ රෝහලෙන්ගුවන් තොටුපල සහ නාවික මගීන් සඳහා මෙන්ම සංචාරකයින් සදහා වෛද්‍ය ප්‍රතිකාර සපයනු ලබයි.එමෙන්ම මීගමුව මහ රෝහල ඩෙංගු කලමනාකරණ මධ්‍යස්ථානය, ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ සායනික කලමනාකරණය සඳහා හොඳම මධ්‍යස්ථානය ලෙස ද නම් කර ඇත.එහි පවතින පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දැනට බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනය යටතේ පවතින මීගමුව මහ රෝහල මධ්‍යම රජය වෙත පවරා ගැනීම සදහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.