එහෙත් ලංසා පාලනයට එරෙහිව යැයි කියමින් ගම වට යමින් එකතුකරගත් ඡන්දයෙන් බලයට පත්වු ශ්රිලිනිප මන්ත්රිවරුන් 5 දෙනෙකු විසින් වරදානවලට කෑදර කමින් සිදුකරන ලද තුච්ඡ පාවාදිම නිසා අද මීගමුව අර්බුදයට යමින් තිබේ.
ආගමික නායකයන් ඉදිරිපිට ලේවලින් අත්සන් තබා කිසිදු දුෂණයකට හවුල් වන්නේ නැතැයි කි මේ අය දැන් සිය ආගම් පවා පාවා දෙමින් වරදාන වලට පමණක් වැදුම් පිදුම් කරන තත්වයකට පත්ව සිටිති.
මේ පවාදිමේ අනිකා වන්නේ රාජපක්ෂලා විසින් මුස්ලිම් ජනතාවට කරනු ලබන හිරිහැර ගැනද කියමින් ඡන්දයට ගිය මොණරාගේ මිගමු නියෝජිතයාය.
නමින් ඊෂාක් වන ඔහු පිළිබදවද මුස්ලිම් ජනයාටම ඇත්තේ බරපතල විරෝධයකි.
මීගමුවම උගස් තියා වුව සුදු කෙලින්නට තරම් සුදානමක ඇති පාලනයක් හා එක්ව මීගමුව ජනතාවට පස්ස පැත්ත හැරවු මේ පාවාදුන්නවුන් ගැන ජනතාව ඉදිරියේදි වඩාත් නිවරදි දේශපාලන තින්දුවක් ගනු ඇත.