ජනතාවට හොරෙන් කුණු කසල අංගනයක් කොච්චිකඩේ පෝරකේ වත්තට ?????

0
218

ජනතාවට හොරෙන් කුට්ටිදුවේ ඉදිකරන්නට ගිය කුණු කසල අංගන ව්‍යාපෘතිය ඉන් ඉවත්කරගැනිමට අකමැත්තෙන් වුවද මිගමුව නගරාධිපති දයාන් ලංසා හට සිදුව තිබුණි.
එසේ ඉවත් කරගත් මේ කුණු කසල අංගනය කොච්චිකඩේ පොරේක වත්ත ප්‍රදේශයට ගෙනයාම සදහා හොර රහසේ ඒ ප්‍රදේශයේ ජනතාවට විවිධ බොරු කියමින් දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදිකරමින් ඇති බව මේ වනවිට හෙළිදරව් වෙමින් තිබේ.
නගරාධිපතිවරයාගේ වන් ඇන්ඩ් ඔන්ලි කොන්ත්‍රාත්කරු වන කොන්ක්‍රිට් චමින්ද විසින් දැනටමත් මේ ගොඩනැගිල්ල සෑහෙන දුරට ඉදිකිරිම් අවසන් කරමින් ඇතැයි අපට ලැබි ඇති ඡායාරුපමය සාක්ෂි විසින් දක්වා තිබේ.
විදෙස් ආධාර මත නගර සභාවේද මුදල් යොදවා මෙය මුලින් ඉදිකරන්නට සැලසුම් කර තිබුනේ කුට්ටිදුව ප්‍රදේශයේදිය.
කොච්චිකඩේ මේ ඉදිකරන මහසභාවේ අනුමැතියක් පවා නැති මේ ගොඩනැගිල්ල මොකටදැයි විපක්ෂයේ ඇතැම් නාගරික මන්ත්‍රියවරුන් විසින් නාගරික කොමසාරිස්වරියගෙන් විමසා සිටි අවස්ථාවේදි ඇය කියා තිබුනේ ඒ ගොඩනැගිල්ල වාහනන අංගනයක් සදහා ඉදිකරන බවය.
එහෙත් දැනට හෙළිවෙමින් ඇති කරුණු විමසිල්ලට ගැනිමේදි කොමසාරිස්තුමිය විපක්ෂයට කියා ඇත්තේ බොරුවක් බව පෙනි යයි.
මෙම ඉදිකිරිමට අවැසි පස් පසුගිය දිනවල ගෙනවිත් තිබුනේ මිගමුව කලපුව ගොඩකිරිමෙන් ඉවත්කරන ලද පස් තොගයෙන් බවද කියැවේ .
එහිදි ගැටළු රැසක් මේවන විටත් පැණ නැගි තිබේ.
කෙසේ වෙතත් ප්‍රදේශයේ ජනතාවට තබා එහි සිටින ජනතා නියෝජිතයන්ගෙන්ද බොරු කියමින් හදන මේ ගොඩනැගිල්ල ගැන ඇත්ත කථාව හෙළිවිමට වැඩිකලක් නොයන බවද මෙහි ලා අවසන් වශයෙන් සටහන් කළ යුුතුව තිබේ.
කුණු කසල නිසි පරිදි කළමණාකරණය කිරිම පිළිබද අපට කිසිදු ගැටළුවක් නැත. එහෙත් එකි ව්‍යාපෘතින් විනිවිදභාවයෙන් යුතු ඒවා විය යුතුව තිබේ