ජනතාවද? ආර්ථිකයද?රනිල් නිසා ආණ්ඩුව හෙළවෙයි ?

0
120

රටකට සිටිය යුත්තේ කොයි විදියේ නායකයන්දැයි ලොවටම කියමින් පසුගිය වසරේ මාර්තු 24 වෙනිදා මේ රටට විමට නියමිත දේ මෙන්ම ඊට සුදානම් විය යුුතු ආකාරය ගැන ඉතාමත් නිවරදිව කියා සිටියේය.
දෙවන රැල්ල එන්නේ ධිවරයන් ආශ්‍රිතව යැයි එදා කිවේය. පෑලියගොඩ රැල්ල මතුවන්නේ ඉන් අනතුරුවය.
හැකිතාක් ටෙස්ට් කරන ලෙසත් ,ටෙන්ටිලේටර්ස් සපයා ගත හැකි අන්දම ගැනත් ICU ඇදන් ගැන මෙන්ම IDH වැනි තවත් රෝහලක් ගැනද එදා රනිල් කිවේය.
එහෙත් මේ පාලකයන් ඒ එකක්වත් අවධානයට ගෙන සුදානම් වු බවක් පෙනුනේ නැත.
රට වහන්නට බෑයි ජනපති මෙන්ම හමුදා ලොක්කන්ද කියද්දි රනිල් තවත් දඟර පන්දුවක් ආණ්ඩුව හමුවමට එව්වේය.
ඔහු ආසා සිටියේ ජනතාවද ? ආර්ථිකයදැයි කියාය.
තවත් ඉතාමත් වැදගත් කරුණු පසුගිය දා ඔහු කියා තිබුණි එනම් කොරෝනා පාලනය කැබිනට් මණ්ඩලයේ වගකිමක් බවට පත්කරගන්නා ලෙසය,
ඉන් කියැවුනේ කුමක්ද ? හමුදාකරණය කළ කොරෝනා කළමණාකරණය ආසාර්ථක බවය.

මේ ප්‍රශ්ණ කිරිම් හමුවේ දැන් ජනපති අහසින් පොලවට බැස ඇති සැටියකි.
දින ගණන් සංචරණ නීති පැනවෙමින් තිබේ.හමුදාකරණයෙන් මිදි කොරෝනා කලමණාකාරණය ඉදිරියේදි අත්දැම් සහිත විෂය ගැන දන්නා අයට තීන්දු ගැනිමට ඉඩ සලසා දිය යුතුව ඇත.
එසේ නොකිරිම නිසා දැනටමත් මිනිස් ජිවිත සිය ගණනින් බිලිදෙන්නට වන තත්වයක් දැනටමත් නිර්මාණය වෙමින් තිබේ.
අපේ රට දූපතක් විම නිසාම ලබාගත හැකිව තිබුණ වාසිය මේ උද්දච්ච පාලකයන් ගත්තේ නැත නැත. වසංගත රෝග ගැන හෝ ඒවා පාලනය ගැන මෙලෝ මළබෝලයක් නොදන්නා විදේශ ඇමති දිනේශ් එදා කිවේ ගුවන්තොටු යන්ත්‍රයක් සවිකර ඇති බවත් එයට ඕනැම කොරෝනා වෛරස් රෝගියෙකු හදුනාගත හැකි බවය.
නවසිලන්තය නිහතමානි නායිකාව එරට දූපත් විමේ වාසිය උපරිමයෙන් ගනිමින් සිය ජනතාවගේ ජිවිත බේරා රටත් ආරක්ෂාකරගන්නට සමත්ව ඇත.
දුර නොබලා ලග නමන මේ රටේ පාලකයන් රනිල් වික්‍රමසිංහගේ අභියෝගයත් සමගින් සෙලවි ඇති ආකාරයක් පෙනේ

ජනතාවද ? ආර්ථිකයද යන ප්‍රශ්ණයට හමුදාපතිවරයා මෙසේ පිලිතුරු දි ඇත

මැයි 21 වෙනිදා රාත්‍රී 11.00 සිට මැයි 25 වෙනිදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

එමෙන්ම මැයි 25 වෙනිදා රාත්‍රී 11 සිට මැයි 28 වෙනිදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.