ජනතා බදුමුදලින් කුඩ්ඩන්ට ආතල් දෙන මිගමුවේ ලංසා පාලනය ..

0
584
wp 1677125015058

මීගමුව ක්‍රිඩාවට කප් ගහපු කාලයක් තිබුනා. පාපන්දු ක්‍රිඩාව ඒ අතර පෙරමුණේම තිබුණා. ජාතික කණ්ඩායම පවා නියෝජනය කරපු ක්‍රිඩකයෝ රැසක් ඒ කාලේ හිටියා.
ඒත් ඒ සියල්ල වල් වැදිලා. ක්‍රිඩාවන් පවා වල් වැදෙන්නේ ක්‍රිඩාකරන්න තියෙන පිට්ටනි වල් වැදෙන්න ඇරපු වල් පාලනයක් මිගමුවට ආපු හින්ද . මහජන බදු මුදල් වලින් පවුලක් ආතල් ගන්න ලෝකේ එකම නගරය මිගමුව වෙන්නත් පුලුවන්.

මිගමුවේ ක්‍රිඩා පිට්ටනි ටික ලංසා පවුල් පාලනය යටතේ මරු කටට ගිහින් .අර සරත්චන්ද්‍ර ගුණරත්නලා ඒ කාලේ හදල මිගමුවේ ජනතාවට භාර දුන්න කඩොල් කැලේ ක්‍රිඩාංගනය පස්සේ කාලෙක ලංසල මොකද කරේ. ලංසාගේ බඩියන්ට දිලා විනාශ කළා. දැන් මේ පිට්ටනිය කුඩුකාරයන්ගේ මදාවියන්ගේ රජදහනක් .

නගරයේ පාලනය මදාවියන් අතට ගියා ක්‍රිඩා පිටි විතරක් නෙමේ මුළු නගරයම දැන් වල් වැදුන එකක් වෙමිනුයි තියෙන්නේ

wp 1677125361034

කඩොල් කැලේ පිට්ටනියේ තත්වය ගැන බලන්න එතන ඇවිල්ල හිටපු නාගරික මන්ත්‍රි සංගිත්ට එතන හිටපු පොඩි උන් කිව්වේ අනේ මාමේ අපට මේක පිට්ටනිය කුඩු කාරයන්ගෙන් බේරල දෙන්න කියලයි

wp 1677125014912
wp 1677125014968
wp 1677125014978
wp 1677125015045

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here