

හිතුවක්කාර ලෙසින් කුට්ටිදූව ගමේඅරඹන්නට සැලැසුම් කළ කුණු ව්‍යාපෘතිය ජනතා විරෝධය හමුවේ නවාතා දමන්නට මිගමුව නගරාධිපති දයාන් ලංසාට සිදුව තිබේ.
ජනතා විරෝධයට සහය පළකරමින් විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක්ද පසුගියදා කුට්ටිදූවේ මේ ව්‍යාපෘති භුමියට ගොස් තිබුණි.
එහිදි ඔවුන් කියා තිබුනේ මන්ත්‍රි මණ්ඩලයවත් නොදන්නා මෙම ව්‍යාපෘතියට එරෙහිව කළ හැකි සියල්ල කරන බවය.
එමෙන්ම මිගමු නාගරික කොමසාරිස්වරියද පසුගිදා මෙම ස්ථානයට පැමිණ ජනතාව නිගා කරමින් චණ්ඩිපාට් දමා තිබුනේ මුව ආවරණයක් හෝ පළදින්නේ නැතිවය.
කෙසේ වෙතත් ඊයේ සවස මිගමුව කුට්ටුදුව ප්‍රජා ශාලාෙව්දි පැවැති රැස්විමකදි මේ ව්‍යාපෘතිය නවතා දමන බව මිගමුව නගරාධිපතිවරයා විසින් පවසා තිබුණි.
මිගමුවේ රාජ්‍ය දේපල යැයි ලංසා පවුලේ බුදයක් යැයි සිතා සිටින පසුබිමක විපක්ෂ නාගරික මන්ත්‍රිවරුන් ගේ සහ ජනතාවගේ විරෝධය මැද පාලකයන්ගේ හිතුවක්කාරකම් වලට තියුණු ප්‍රහාරයක් මෙසේ එල්ල කොට තිබේ.

