ජනපතිගේ අහඹු PCR පරික්ෂණ කථාවට රනිලුත් ගෑවෙයි …..

0
93

කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) නිලධාරීන්ට උපදෙස් දුන්නේය යනුවෙන් ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

 

අවස්ථා කිහිපයකදී නව කොරෝනා වයිරස ආසාදිතයන් වැඩි වීමට හේතු වූ කරුණු මොනවාදැයි හඳුනාගෙන ඒවා නැවත සිදු නොවීමට අවශ්‍ය පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ යැයැදි වැඩිදුරටත් එහි සදහන්ය
‘කොවිඩ්-19 මර්දන කාර්ය සාධක බලකායේ’ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (29) පැවැති රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම කරුණු සඳහන් කළේය.
මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 350ක් තිබෙන බවත් ඉන් 28කින් ආසාදිතයන් හඳුනාගෙන ඇති බවත් සඳහන් කළ නිලධාරීහු වයිරසය සෙසු ප්‍රදේශවලට පැතිර වැළැක්වීමට උපරිම පියවර ගෙන ඇති බව ද කීහ.ranil
මේ අතර ජනපතිගේ මේ කථාවද මුල් කොට ගෙන සමාජ මාධ්‍යයන් රනිල් වික්‍රමසිංහගේ  දැක්ම ගැන කතාකරන්නට පටන් ගෙන තිබේ.විශේෂයෙන්ම පසුගිය මාර්තු මාසයේදි අගමැති මහින්ද රාජපක්ෂද සහභාගිය සිටි කොරෝනා පාලන රැස්විමකදි එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් හැකිතාක් පී.සී.ආර්. පරීක්ෂණ කරන ලෙසත් වතුකරය මෙන්ම ධිවර ජනයා සිටින ප්‍රදේශ ගැන අවධානය යොමුකල යුතු බවත් කියා තිබුනේ . ඊලග රැල්ල ඒ ඇසුරින් විය හැකි බවද ඔහු එදා කියා තිබුණි.