ජනපතිගේ ඡන්ද පොරොන්දු වලට අභියෝග කරන්න ව්‍යාපෘති කම්කරුවෝ මහපාරට.!

0
80

1දින 180 සම්පුර්ණ කළ සියළු සේවකයන් ස්ථිර කරන බවට ජනපති විසින් කරන්නට යෙදුන පොරොන්දුව ඇත්තක්ද යන්න උරගා බැලිම සදහා අද කටුනායක සිදුව නගර සභාවේ ව්‍යපෘති කම්කරුවන් එකි පොරොන්දුව ඇත්තක් කරන ලෙසින් ඉල්ලමින් නගර සභාව ඉදිරිපිටදි උද්ඝෝෂණයක නියැලුනහ.
ඔවුන් පවසා සිටියේ සීදුව නගර සභාවේ පමණක් එවන් කම්කරුවන් 73 ක් සිටින බවය.
මේ ඇතමෙක් අවුරුදු 9 කටත් වඩා පැරණි අය බවද මාධ්‍ය වෙත පවසා හෙළිකර සිටින ලදි.
ගෙවුන සියළු මැතිවරණ වලදි සියළු වැඩ වලට යොදා ගන්නා ඔවුන්ට මෙහෙම සලකන්නේ ඇයිද අසනමින් සටන් පාඨ කියනු ඇසිණ.