ජනපතිගේ ප්‍රාදේශිය මාධ්‍යවේදින්ගේ හමුව සංවිධානය කළ ලොක්කන්ට උතුරු නැගෙනහිර අමතක වුනේ ඇයි ?

0
237

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පසුගියදා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ   “ගෞරවාර්ථ හරසර”  නමින් වැඩසටහනට එක්ව තිබුණිimage a9a94e74bb 1

ප්‍රදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටළු සහ යෝජනා ඇතුළත් යෝජනාවලියක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත භාර දි තිබුන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

දකුණේ ඇතැම් දිස්ත්‍රික්ක වලින් මාධ්‍යවේදින් වැන් සහ බස් රථ වලින් කොළඹට පැමිණෙන අයුරු දැක්වෙන ඡායාරුපද ඇතැම් මාධ්‍යවේදින් විසින් සිය ෆේස්බුක් පිටු වලට එක්කර ඇති අයුරුද දක්නට ලැබුණි.

මේ අතර නැගෙහිර ප්‍රාදේශිය මාධ්‍යවේදින් කියා සිටියේ මෙම හමුවට ඔවුන්ට ආරාධනා කර තිබුණද ඒ වෙනුවෙන් ගමන් පහසුකම් ඇතුළු සියල්ල නොමිලේ සපයන බව එක්තරා ඇමතිවරයෙකු කියා තිබුණද එය එසේ සිදුනොකිරිම නිසා ජනපතිගේ ප්‍රාදේශිය මාධ්‍යවේදින්ගේ හමුවට එක්විමට ඔවුන්ට අවස්ථාව නොලැබුන බවය.
මේ සම්බන්ධයෙන් අප කරන ලද විමසිමකදි දැනගන්නට ලැබුනේ උතුරේ සහ නැගෙනහිර ප්‍රධාන මාධ්‍ය සංවිධාන වලට හෝ ඒවා නියෝජනය කරන මාධ්‍යවේදින්ව හෝ මෙම ප්‍රාදේශිය මාධ්‍යවේදින්ගේ වැඩසටහනට ඇරයුම් කර තිබි නැත

ඉන් කියැවෙන්නේ කුමක්ද ?

මෙම හමුව සංවිධානය කළ ලොක්කන්ට උතුර සහ නැගෙනහිර  ප්‍රාදේශිය මාධ්‍යවේදින්  මෙම හමුවමට ගෙන්වා ගැනිම වැඩපිළිවෙලක් යොදා නොතිබුන බවය



රාජපක්ෂ පාලන සමයේ ඝාතනය කරන ලද මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙකුගේ නම් ඇතුලත් ලයිස්තුවක් 2015   දෙසැම්බර් 10 වෙනිදා එවකට අගැමති  රනිල් වික්‍රමසිංහ වෙත භාර දි තිබුනේ යුක්තිය බලාපොරොත්වෙන් වුවද යහ පාලන කාලය තුල කිසිදු යුක්තියක් ඉටු නොවුන  බව උතුරේ මෙන්ම නැගෙනහිර මාධ්‍ය සංවිධාන නියෝජිතයන්  කියා සිටිති.


 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here