ජනපතිගේ ප්‍රාදේශිය මාධ්‍යවේදින්ගේ හමුවේදි උතුරු නැගෙනහිර මාධ්‍යවේදින්ට කුඩම්මාගේ සැලකිලි ?

0
153

පසුගියදා  ජනාධිපතිවරයා විසින් ලංකාවේ සිටින සියලුම  ප්‍රාදේශිය මාධ්‍යවේදින් රැස්කර ( උතුරු නැගෙනහිර ඇතැම් මාධ්‍ය සංවිධාන හා මාධ්‍යවේදින් මේ සදහා අවස්ථාව ලබා දි නොතිබුණි )  පවත්වන ලද උත්සවයේදී  උතුරු නැඟෙනහිර දෙමළ මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම ජනාධිපතිවරයාට ලබාදීම ජනාධිපති ආරක්ෂක අංශය විසින් වැළැක්වු බවට ඔවුන් චෝදනා එල්ල කර සිටිති.

ඝාතනයට ලක් වූ පැහැරගෙන ගොස් අතුරුදන් කළ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටු කරන ලෙසට ඉල්ලීමක් ඇතුළත්  ඉතා වැදගත් ලිපියක් ජනාධිපතිවරයා වෙත ගෙන ගිය අවස්ථාවේදී ජනාධිපති ආරක්ෂක අංශය එයට ඉඩ නොදුන් බව කියැවේ

එමෙන්ම එම සාකච්ඡාවේදී දකුණේ ඇතැම් මාධ්‍යවේදීන්ට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදුන්නද උතුරේ මාධ්‍යවේදීන් කිසිවකුට එම අවස්ථාව ලබාදී තිබුනේ නැතැයි යන චෝදනාවද උතුරු නැගෙනිහිර මාධ්‍යවේදින් විසින් පවසා තිබුණි.

මාධ්‍යවේදීන් ජනාධිපතිවරයා වෙත භාරදීමට රැගෙන ගිය ලිපිය මගින් තවත් කරුණු කිපයක්ම අවධාරණය කර ඇත

ඔවුන්ගේ ලිපියේ ශිර්ෂ පාඨය වි  තිබුනේ දෙමළ දේශයේ යුක්තිය ඉටු නොවන මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් යනුවෙනි

ඔබ ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වී වසර දෙකක් ගතවී ඇති අතර, මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීමෙන් පසු ප්‍රථම වතාවට කොළඹදී යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ මාධ්‍යවේදීන් හමුවීමට ඔබ තීරණය කර ඇත.

පසුගිය සතියේ සහ මැයි අග ඔබ උතුරේ කළ සංචාර දෙකම වාර්තා කිරීම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට අවස්ථාවක් ලබා දි තිබුනේ නැත

කෙසේ වෙතත් දශක ගණනාවක් තිස්සේ කිසිදු රජයක් විසින් අවධානය යොමු නොකළ උතුරු නැගෙනහිර මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රශ්නය නැවත වරක් සිහිපත් කිරීමට කැමැත්තෙමු.

යුද්ධයෙන් පසු මේ දක්වා මෙරට වෘත්තීය සගයන් පනහක් පමණ ඝාතනයට හෝ අතුරුදන් කර ඇත. දශක දෙකකට වැඩි කාලයක් ඒ කිසිවකුට සාධාරණය ඉටු වී නැත.

එහි 2004 වසරේ සිට 2010 වසර දක්වා ඝාතනයට ලක් වූ සහ අතුරුදන් වූ මාධ්‍යවේදීන්ගේ නාම ලේඛනය 2015 දෙසැම්බර් මානව හිමිකම් දිනයේදී මෙම  ලිපියේ සදහන්ව තිබුන අතර මෛ 44 දෙනෙොෙගන් 41 දෙනෙකුම දමිල මාධ්‍යවේදින්ය2101

2015 දෙසැම්බර් 10 වෙනිදා අගමති රනිල් වික්‍රමසිංහ වෙත රාජපක්ෂ පාලනය යටතේ ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන්ගේ ලයිස්තුව භාරදුන් අවස්ථාව .

 

ඉහත අවධාරණය කර තිබුන කරුණු අමතරව  සදහන් කළ යුුතුව ඇති ප්‍රධාන කරුණු කිපයක් citizenpostlk.com සහ meepura.com සදහන් කළ යුතුව තිබේ.

උතුරු නැගෙනහිර මාධ්‍යවේදින්ගේ ප්‍රශ්ණ ගැන දකුණේ මාධ්‍යවේදින්ට හෝ මාධ්‍ය සංවිධාන වලට බොහෝ විට හැගිමක් තිබුන බවක් නොපෙනේ.

උතුරු නැගනෙහිර මාධ්‍යවේදින්ට මෙහිදි සිදවු අසාධාරණය ගැන ජනපතිගේ මෙම හමුවට එක්ව සිටි මාධ්‍ය සංවිධාන ලොක්කනට පවා නිනව් තිබුන බවක් නොපෙනේ .

එපමණක් නොව ජනපති වටේ දැන් සිටින මෙවැනි වැඩ සම්බන්ධිකරණය කරන ලොක්කන්ගේ දැක්මේ සිමාවන් මෙන්ම ප්‍රතිගාමි බවද මෙවැනි සිදුවිම් ඔස්සේ දැන් දිගින් දිගටම එළියට පනිමින් තිබේ

මුලාශ්‍ර සටහන් – ෂන්මුගම් තවසීලන්