ජනපතිගේ මිගමු රෝහල් සංචාරයට ඇමති අරුන්දික පැමිණියේ කෙසේද ?

0
151

19512508_1766619200034165_1274541640_nඅරුන්දික යනු පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතා විරෝධි ප්‍රජාතන්ත්‍ර විරෝධි කටයුතු රාශියකට නම් ඇදුණු දේශපාලනඥයෙකි.
පසුගිය දිනවල ඔහු යළිත් මාධ්‍ය හමුවේ කථාබහට ලක්ව තිබුනේ ජපානයේදි මහින්ද රාජපක්ෂව මෙන්ම මුදල් අවභාවිතයන් ගණනාවක් සම්බන්ධයෙන් නිතියය හමුවට ගෙන ආ යුතුව තිබෙන හිටපු රුසියානු තානාපතිවරයෙකු වු උදයංග විරතුංගවද හමුවිම සම්බන්ධයෙනි.
රාජපක්ෂ පාලනය බිද වැටිමෙන් පසු අංශ 180 කරණමකින් යහපාලනය පැනගත් අරුන්දික දැන් නියෝජ්‍ය ඇමතිවරයෙකි.
ඒ ක්‍රිස්තියානු කටයුතුද භාරව සිටින අයෙකු ලෙසය.
කෙසේ වෙතත් අද දිනයේ ජනාධිපතිවරයා මීගමුව රෝහලට නිරික්ෂණ චාරිකාවකට පැමිණ තිබුන අවස්ථාවේදි අරුන්දික ඇමතිවරයාද සිටිනු දක්නා ලදි.
මීගමුවේ කිසිදු යහපාලන දේශපාලන නියෝජිතයෙකුද නොදැන සිටි මේ ගමනට අරුන්දික එක්ව තිබුනේ කෙසේද ?
යහපාලන රජයේ ඇමතිවරයෙකු ලෙස  තම පෙර ස්වාමියාගේ වැඩිපුර ඇයි හොදයි කම් පසුගිය ජපන ගමනත් සමගින් රටටම දැනගන්නට තුඩු දුන් පසුබිමක අරුන්දික මිගමුවට පැමිණියේ ජනපති ඉදිරියේ හොද නම දිනාගන්නටද?

Save