ජනපතිගේ වගකිම් සිහිකර බැසිල් පීල්ල මාරු කරයි !

0
49

basilඑජාප  මන්ත්‍රීවරුන් මුදල් ලබාදී හෝ එක්කර ගැනීම අසාර්ථකවීම හේතුවෙන්   විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සඳහා උපක්‍රමික සැලසුමක් දක්වා මාරු වීමට බැසිල් රාජපක්ෂ තීරණය කළ බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.

එසේම තමන් පොරොන්දු වූයේ මහින්ද අගමැති කිරීම හෝ විපක්ෂනායක ධූරය ලබාගැනීම මිස ජනාධිපතිව ආරක්ෂා කිරීම  නොවන බවත් එබැවින් එකතු කරගන්නා මන්ත්‍රී ගණන විමසමින් කරදර නොකරන ලෙස බැසිල් රාජපක්ෂ කිහිපදෙනෙකු සමඟ පවසා ඇති බවද දැනගන්නට ඇත.

එසේම ජනාධිපතිටද මන්ත්‍රීවරුන් එකතු කරගැනීමට යුතුකමක් ඇති බවත් ඒ හැර මන්ත්‍රී ගණන්  විමසමින් වරින් වර පණිවිඩ තැබීම නොවන බවට අවස්ථා කිහිපයකදී බැසිල් රාජපක්ෂ පවසා ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

පැවැති ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී ශ්‍රිලනිප ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීමත්, මහින්ද රාජපක්ෂව අගමැතිවරයා ලෙස නම් කිරීමට මෛත්‍රීපාල සිරිසේන තීරණය කිරීමත් සමඟ ශ්‍රීලනීපයේ කණ්ඩායම් බෙදීම අහෝසි විය. ඒ අනුව මහින්ද රාජපක්ෂව විපක්ෂ නායක වරයා ලෙස පිලිගනිමින් කටයුතු කිරීම සඳහා තිබු සියලු බාධක ඉවත්ව තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමීප ආරංචිමාර්ග සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ විසින් නිර්මාණය කළ දේශපාලන උගුලක දැනටමත් ජනාධිපතිවරයා වැටුණු බවට අදහසක් පක්ෂය තුළ නිර්මාණය වෙමින් තිබෙන බවය.

කාලයක් තිස්සේ ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂාව වූයේ පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය බවට පත්වී එළඹෙන මැතිවරණයකදී තනි ජයග්‍රහණයක් ලබා ගැනීම බවත් ඒ සඳහා මූලිකව අවශ්‍යව තිබුණේ  ජනාධිපතිවරයා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ තිබූ රැකවරණය  ඉවත් කරගැනීම බවත් සිරිසේන ජනාධිපති ගනුලැබූ අත්තනෝමතික තීරණය හේතුවෙන් මහින්ද එජාප රැකවරණය පමණක් නොව ජනාධිපතිට උන්හිටි තැන් නැතිවන තත්ත්වයක් උදාවී ඇති බවද ශ්‍රීලනිප බහුතරයකගේ අදහසවී තිබේ.
newstube.lk