ජනපතිට කොඩිදාන්න ලංසාට මීගමුවෙන් සෞඛ්‍ය කම්කරුවන් 20ක් ඕනෙලු ?

0
61

එදා අයියෝ සිරිසේන යැයි කියු නිමල් ලංසා දැන් අතිගරු මෛත්‍රිපාල සිරිසේන ජනපතිදුන්ව පිළිගැනිම සදහා නිදිමරාගෙන වැඩය.
පින් අගමැති යැයි එදා රනිල් වික්‍රමසිංහට කියු නිමල් ලංසා අද පින් ඇමති කමක් ලැබ තමන්ගේ හොර මගඩි හංගා ගැනිම සදහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිව ගොනාට අන්දන්ට සැරසේ.
මීගමුව රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරිම සදහා ලබන සදුදා ජනාධිපති මෛත්‍රි මීගමුවට පැමිණිමට නියමිතය.
එහි සංවිධාන කටයුතු සදහා නිමල් ලංසා විසින් මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් 20 දෙනෙකු එහි ප්‍රධානින්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
පසුගිය දිනක ලංසා විසින් මීගමුවේ සමෘද්ධි ලාභින් ගුවන්තොටුපලට ගෙන ගියේද මේ අයුරින්මය.
ඔහු පිළිගන්නේ මෛත්‍රියවය.එහෙත් ලංසා සිතන්නේ ලංකාවේ ජනාධිපති තවමන්  මහින්ද රජ්ජුරුවන් යැයි කියාය. ඒ ඔහු  යහපාලනය කිසිදු පළපුරුද්දක් නැත,ඔහු සිතන්නේ කම්කරුවන් සිටින්නේ ඔහුට අවැසි විට කොඩිදාන්න ගෙන යන්නට යැයි කියාය.
NImal lansa in the protest.jpg new