ජනපතිට සෙනඟ පෙන්වන්න නගර සභා සේවකයන් 250 ක් උස්සලා.

0
47

පසුගිය දිනක පැවති දික්ඕවිට වරාය විවෘත කිරිමේ උත්සවය සදහා මීගමුවේ දේශපාලකයෙකුගේ නියෝගය මත මීගමුව මහනගර සභාවේ පළාත් පාලන සේවයකයන් 250 රැගෙන ගොස් ඇතැයි වාර්ථාවේ.
මේ සදහා සේවකයන්ගේ එකඟතාවයකින් තොරවම මෙය සිදුකර ඇති අතර මේ අනිවාර්ය ගමනට ඇතැම් ගැබිනි මව්වරුන්ටද සහභාගි වන්නට සිදුව ඇත.
දේශපාලකයෙකුගේ උපදෙස් මත මීගමුව මහනගර සභාවේ රන්මුත නම් වු තාක්ෂණ නිළධාරියා විසින් මේ ලයිස්තු සකස් කර ඇතැයි වාර්ථා වේ.
මෙදින ආහාරය සදහා ලබාදුන් බත්පාර්සල්ද අනුභව කරන අවස්ථාවේ පිළිණු වි තිබු බව සේවකයන් පවසති.