ජනපතිවරණය අවසන් වෙන තෙක් පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත සිරගත කර තබාගැනිෙම් කුමන්ත්‍රණයක් ?

0
97

පෙබවාරි මස සිට බන්ධනාගාරගතකොට  තබාගෙන ඇති මිගමුව ආසන සංවිධායක රොයිස් විජිත මහතාට ඇප ලැබෙනු යැයි  පක්ෂයේ ප්‍රධානින් මෙන්ම ක්‍රියාකාරින්ද මහත් බලපොරොත්තු තබා සිටියද ඒ සියළු බලාපොරොත්තු සුන්කරගන්නට සිදුව තිබුනේ පසුගිය 26 වනදා අදාල නඩු විභාගය සදහා අදාල ප්‍රධාන පාර්ශවයන් කිසිවෙකුත් නොපැමිණ සිටි නිසාය.
දැනට කලක පටන් මේ නඩුව හිතා මතාම දිග්ගස්සවන්නට විවිධ දේ සැලසුම් වෙමින් ඇතිදෝ යන සැකය මීගමවේ එජාප ක්‍රියාකාරින් තුල ඇතිව තිබේ.
පසුගිය දිනක මේ පිළිබදව අදහස් පළව තිබුනේ ජනපතිවරණ සටනට සුදානම් විම සදහා ගම්මට්ටමින් පැවෙත්වෙන රැස්විම් හිදිය.
විශේෂයෙන් ගෙවුණ නඩු  දිනයේදි  නඩුව සදහා රොයිස් මහතාගේ නිතීඥයින් හා ඔහුගේ පාර්ශවය උසාවියට යන විට කිසිදු දැනුම්දීමකින් තොරව නඩුකාර තුමා හා රජයේ නිතිඥවරියද නොපැමිණ සිටි බව පක්ෂ ක්‍රියාකාරිකයෙකු ගම් මට්ටමින් පැවති  රැස්විමකදි හෙළිකර ඇතැයි සැලය
මේ පිළිබදව මීපුර වෙබ් අඩවියද අදහස් පළ කළ එජාප ක්‍රියාකාරියෙකු පවසා සිටියේ ජනාධිපතිවරණය නිමවෙන තෙක් රොයිස් විජිත මහතා සිරගත කොටතබාැනිම වෙනුවෙන් කිසියම් ක්‍රමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව ඔවුන්ට දැනෙන බවය.
roies new

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here