ජනපතිවරණය ජයගැනිමේ සජිත් පිළේ කැරළිකාර සිහිනය බිඳ වැටේ ! දමිළ ඡන්ද ලක්ෂ 10 ක් අහිමිවෙයි !

0
112

TNA_Sajith-Jaffna-1(11.55  am ) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට කැදවා තිබූ හදිසි කැබිනට් රැස්වීම කඩාකප්පල් කිරීීමට කටයුතු කිරීම මුල්කරගෙන ‌දෙමළ ජාතික සන්ධානය ඊ‌යේ (19) රාත්‍රියේදීම සජිත් පාර්ශ්වය ‌‌වෙත විශේෂ පණිවුඩයක් එවීමට පියවර ‌ගෙන ඇතැයි www.infosrilankanews.info වේබ අඩවිය අද වාර්ථා කර තිබේ.

එහිදී ඔවුන් සජිත් පිලට දැනුුුුම් දී ඇත්තේ 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවීමේදීී ‌ලොකුම ‌පොරොන්දුව වූයේ විධායකය අහෝසි කිරීම බවත්, ඊ‌යේ පැවැති කැබිනට් රැස්වීමේදී එය සාකච්ජාවට ගත් අවස්ථාවේදී ඊට විරුද්ධ ‌වෙමින් එය රැස්වීම කඩාකප්පල් කිරීම කිසිසේත්ම අනුමත කළ ‌නොහැකි බවත්ය. එම තත්ත්වය සලකා බැලීමේදී සජිත් ප‌්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිසේත්ම සහාය පළ කළ ‌නොහැකි බවද එහිදී ‌දෙමළ ජාතික සන්ධානය ඊ‌යේ රාත්‍රී සජිත් පාර්ශ්වයට දැනුම් දී ඇතැයිද එහි සදහන්ය.

මීට ‌පෙර අවස්ථා ‌දෙකකදී ‌‌දෙමළ ජාතික සන්ධාන සහාය ලබා ගැනීමට සජිත් ඔවුන් මුණගැසීමට කටයුතු කර තිබිණ. ඒ යාපනයේදීත්, මංගල සමරවීර මහතාගේ නිවෙසේදීත්ය. නමුත් එහිදී ද සජිත් හා දෙමළ සන්ධානය අතර කිසිදු එකගතාවයක් ඇති වූ‌යේ නැත. ඒ අනුව ‌මේ වනවිට සජිත්ට ‌‌දෙමළ සන්ධානය හරහා හිමි වීමට තිබූ උතුරේ ලක්ෂ 10ක ජන්ද ප්‍රමාණයක් අහිමි කරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් එම්. ඒ. සුමන්තිරන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.. ඔහු සිය පණිවිඩය මගින් මෙසේ අවධාරණය කර තිබේ.
විධායක ජනාධිපතිධුරය අහෝසිකිරිමට විරුද්ධවන යහපාලනය පිළිබදව අපි කණගාටුවට පත්වෙමු.
අවස්ථාවාදි සහ ආත්මාර්ථයේ උපරිමය .
වසර 25 ක් පුරාවට පොරොන්දු කඩකිරිම සහ ජනතා වරමට පිටුපෑම.විධායක ජනාධිපතිධුරය අහෝසිකිරිමට යෝග්‍යතාවය මත නොව ප්‍රතිපත්ති මත දමිළ ජාතික සන්ධානය ඕනෑම වේලාවක සහයෝගය දක්වමු . යැයි එහි සදහන්ය.
ජනපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ එක්ව කුමන්ත්‍රණකාරි ලෙසින් බලය ලබාගැනිමට ගත් නින්දිත උත්සාහය පරාජය කිරිමට දමිළ ජාතික සන්ධානය තිරාණාත්මක මැදිහත්විමක් සිදුකර තිබුණි.
මෙහිලා විශේෂයෙන්ම සදහන් කළ යුතුව ඇත්තේ ඒ ජනඅරගලයේදි සජිත් ප්‍රේමදාස යනු ඇග බේරා ගෙන හැකි නම් සිරිසේන සමගින් ඩිල් එකකට වුව යාහැකි හැකි සිතා කටයුතු කළ අවස්ථාවාදි දේශපාලකයෙකු බවය.
ඒ අරුතින් ගත් කළ දකුණේ සැබෑ දේශපාලන අරගලය තුල සජිත්ගේ අවස්ථාවාදයට වඩා දමිළ සන්ධානයේය ප්‍රගතිශිලි  දේශපාලනය ඇත්තේ ගව්ගානක් ඇතින් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here