( 5.30 pm ) මිගමුවේ හිටපු කොමසාරිස්තුමිය සෘජු තිරණ ගනිමින් කිසිදු අභියෝගයකට බිය නොවි සැලැස්මක් සහිතව කටයුතු කරගෙන යමින් සිටියදි මිගමුවේ මාලිමා ප්රධාන ක්රියාකාරින්ගෙන් පවා කිසිදු විමසිමක් හෝ දැනුම් දිමක් නොකර මාරු කිරිමට පියවර ගෙන තිබිම බරපතල අර්බුදයක් නිර්මාණය කර තිබුණි.
බිච් පාක් එක මිගමුවේ එක් ප්රධාන මර්මස්ථානයකි.
ලංසා පවුල විසින් දශක දෙකක පමණ කාලයක් භුක්තිවිදිමින් තිබුනේ නගර සභාවට ඉන් විශාල ආදයමක් උපයා ගැනිමට ඉතා පැහැදිලි ඉඩක් තිබියදිය.
2024 වසර මැද සිට කිසිදු නිතිමය ලියවිල්ලක් නැතිව රථ ගාලවෙන් මුදල් අයකිරිම ඉතා කූට ලෙසින් කරමින් සිටිති
එබැවින් එය පවරාගෙන මහනගර සභාවට අදායම් උපයා ගැනිමට වැඩ පිළිවෙලක් සකස් කරමින් සිටියදි ඒ සියල්ල කණ පිට හැරි තිබුනේ මාලිමාෙව් දිස්ත්රික් ලොක්කන් විසින් සිදුකරන්නට ඇතැයි අනුමාන කෙරෙන ඒකාධිපති මැදිහත්විමක් හේතුවෙනි
මිගමුව ගැන ඉතාමත් හොදින් දන්නේ හෙන්රිලා සහ සංගිත්ලා වැනි චරිතයන්ය. මහින්ද ජයසිංහ හෝ සුගත් තිලකරත්නලාට මිගමුවේ යථාර්ථය ගැන නිසි අවබෝධයක් නැත.
තතු එසේව තිබියදි මිගමුවට නව කොමසාරිස්වරියක පැරිචුට් ආකාරයෙන් ගෙන ඒම පිටුපස ඉතා පැහැදිලි ලෙස ගම්පහ දිස්ත්රික් ඇමතිවරුන් කිපදෙනෙකු සිටිනවා යැයි මාලිමා ක්රියාකාරින් අතර පවා පැහැදිලි සැකයක් මතුව තිබේ.
මේ පසුබිම තුල මිගමුවේ මාලිමාවට පත්කරගැනිමට සිය දායකත්වය ලබාදුන්නේ යැයි කියන පිරිසක් විසින් ජනපති අනුර වෙත යවා ඇති ලිපියක් අප වෙබ් අඩවියටද ඒවා තිබේ.
නව කොමසාරිස්වරියක මිගමුවට රැගෙන ඒම විසින් නිර්මාණය කර ඇති අර්බුදය ගැන මාලිමාවට සහය පළකළ ජනයා හිතන අන්දම ගැන පොදු මහජනයාටද තේරුම් ගැනිම සදහා මෙසේ පළකරන්නෙ
මිගමුවට අදාලව දේශපාලන ගියර් මාරුකිරිමේදි ලිවරයට අතතැබිය යුත්තේ මිගමුවේ දේශපාලන ගතිකයන් ගැන හොදින් දන්නා මිගමු නායකන් මිස පැරිෂුට් නායකයන් නොවන බව මේ ජනතා පෙත්සම තුලින් මතුකරන්නට ඒ පිරිස උත්සාහ කර තිබේ
ජනපතිට යොමුකර ඇති ජනතා පෙත්සමේ පහතින් පළවේ