ජනපති එන රැස්විමට මීගමුව නගරාධිපතිට ඇරයුම් කරන්න අධ්‍යාපන ලොක්කන්ට අමතක වෙලා ?

0
46

jayaweera 1මීගමුව වැල්ලවිදියේ විජයරත්නම් දමිල පාසැලේ උත්සවයක් සදහා හෙට දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණිමට නියමිතය.
මීගමුව අධ්‍යාපන කාර්යලයේ ප්‍රධානින් විසින් මෙහි මුලික සංවිධාන කටයුතු සංවිධානය කරනු ලබන අතර මේ අය විසින් නගරයේ ප්‍රධාන පුරවැසියා වු නගරාධිපතිවරයා හට මෙම උත්සවය සදහා ඇරයුම් කර නැතැයි වාර්ථා වේ .
නගරාධිපතිවරායට එන්නට යැයි කියන්නට අමතකවු අධ්‍යාපන ලොක්කෝ මීගමුව නගර සභාවේ නාගරික කොමසාරිස් වෙත කල් ඇතිව ඇරයුම් කර ඇතැයිද වාර්ථාවේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් නගරාධිපතිවරයා කියා සිටියේ ජනාධිපතිතුමාගේ මීගමු ගමන වෙනුවෙන් නගර සභාවෙන් සිදුවිය යුතු සියළු දෑ ඉටුකර දි තිබුණද මෙම උත්සවය සදහා තමන්ට කියන්නට අධ්‍යාපන බලධාරින්ට අමතකව ගොස් ඇති බවය.ජනාධිපති තුමන් තම නගරයට පැමිනෙන උත්සවයකදි නගරයේ ප්‍රධාන පුරවැසියා ලෙසින් තමන් සිටිය යුතුම වුවද අධ්‍යපාන බලධාරින් විසින් නගරාධිපතිධුරය හැල්ලුවට ලක්කරමින් සිදුකරඇති මේ වැරැද්ද බරපතල එකක් බවද සදහන් කර සිටියේය.