ජනපති ගෝඨා මිගමුවට එන්නත දුන්නේ දයාන් ලංසා කියපු නිසාද ?

0
104

නගරාධිපති දයාන්ලංසාගේ කුජිත මාධ්‍ය සංදර්ශණ නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවා හෑල්ලුවට ලක්වෙමින් ඇතැයි මිපුර අමතා ප්‍රකාශ කර සිටියේ මිගමුවේ පොහොට්ටු ජේෂ්ඨයෙකි.


මෙසේ කියන්නට හේතුවි තිබුනේ මිගමුව එන්නත ලබා දි ඇත්තේ නගරාධිපති දයාන් ලංසා විසින් ජනාධිපති ගෝඨාභයගෙන් කරන ලද විශේෂ ඉල්ලිමක් නිසා යැයි නගරාධිපති වරයා සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් කියා තිබිම නිසාය

ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේ මිගමුව එන්නත ලැබුනේ ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලිමට අනුව යැයි කිම තුලින් ඇගවෙන්නේ ජනාධිපතිවරයා ජනතාගේ ඇත්ත අවශ්‍යතාවයට වඩා දේශපාලකයන්ගේ ඉල්ලිම වලට එන්නත මුදාහරින බවකි. එවැනි ලාභ ජනප්‍රිය කථා කිම නිසා හැල්ලු වන්නේ පොහොට්ටු රජයත් ජනාධිපති ගෝඨාබයත් බව ලංසාලා විසින් තේරුම්ගත යුතුව ඇතැයි කියාය.

ඇත්ත කරුණ නම් එය මුදාහැරිය යුත්තේ එන්නත ලාබදිමේ වැඩිප්‍රමුඛතාවයක් දිය යුතුව ඇති තැන්වලට මුල් තැන දිම යන ප්‍රතිපත්තිය මතය .
මේ පිළිබදව ඉතා පැහැදිලි හමුදාපතිවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබේ.
ඒ ගැන පසුගිය 18 වෙනිදා ඩේලිමිරර් පුවත් පත තබා තිබුනේ මෙවැනි සටහනකි

එන්නත ලබා ගැනීම පිළිබඳව අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා කියා සිටියේ ඔවුන් එන්නත් මත පමණක් රඳා නොසිටින නමුත් වෛරසය පාලනය කිරීම සඳහා පූර්වාරක්ෂාව ගන්නා බවයි.
වැඩිම ආසාදන සංඛ්‍යාවක් වාර්තා වන ප්‍රදේශවල සහ ග්‍රාම නිලධාරි කොට්ටාශවල මෙම එන්නත ලබා දීමේ මෙහෙයුම සිදුකරන බව ඔහු පැවසීය.
එසේම, එන්නත් වලින් යම් ප්‍රතිශතයක් මහජනතාවට සමීපව රාජකාරියේ යෙදී සිටින අයට, කසළ එකතු කිරීමේ කටයුතුවල යෙදෙන අයට, සුපිරි වෙළඳසැල්වල සේවය කරන සේවකයින්ට, උසාවිවලට සහ වරාය සේවකයින්ට පෙරටුගාමී සේවකයින්ට ද ලබා දෙනු ලැබේ.
ලක්ෂ 220 ක වන රටේ  සමස්ත ජනතාවට කොවිඩ්  එන්නත නොමිලේ  ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මිගමුවට එන්නත ලැබෙන්නේ නගරාධිපති දයාන් ලංසා ගෝඨාභයෙන් ඉල්ලු නිසා යැයි කිම දැවැන්ත පචයකි.
හැමදාමත් ලාභෙට ජනප්‍රිය විමට කියන මෙවැන බොරු නිසා රජයත් ජනාධිපතිවරයාවත් හැල්ලුවට ලක්කිරිම ගැ පොහොට්ටුවේ ජේෂ්ඨ දේශපාලකයන්ගේ දැඩි විරෝධයක් මේ වනවිටත් ලංසා වෙත එල්ලවි ඇතැයිද සැලය.

මේ අතර විපක්ෂනායකවරයාද එන්නත් වැඩපිළිවෙල ගැන සිය අදහස දක්වා තිබුණි

කොවීඩ්  එන්නත ජනතාවට  ලබා දෙන ක්‍රමවේදය පිළිබඳවත් වහාම රටට හෙළි කරන ලෙසද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
“සත්කාරය” විපක්ෂ නායක ජංගම සේවයට නොරොච්චෝලේ ප්‍රදේශයේදී එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

කොවීඩ්  මර්දන එන්නත ලබාදීම රටේ ප්‍රමුඛතම කාර්යය  විය යුතු බවත් ඒ සඳහා විනිවිදභාවයෙන් යුතු වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.