අතුරුදන්වුවන්ගේ 34වන සැමරුම රද්දොළුවේ අතුරුන්වුවන්ගේ සැමරුම අසලදි මිට සුලු මොහොතකට ආරම්භවිය.
අතුරුදන්වුවන්ගේ පවුල් එකතුව විසින් මෙම සැමරුම සඳහා ජනපති අනුර කුමාර හට ඇරයුම් කර තිබුන බව ඔවුන්ගේ ඇරයුම් පතේද සඳහන්ය.







ජනපතිගේද සහභාගිත්වය බලාපොරොත්තුවෙන් අතුරදන්වුවන්ගේ පවුල් වල සමාජික සාමාජිකාවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.දමිළ දෙමාපියන්ද මේ අවස්තාවට එක්ව සිටිම විශේෂත්වයකි.





කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන මහින්ද ජයසිංහ මෙම අවස්ථාවට එක්ව සිටියද අතුදරුහන්වුවන්ගේ පවුල් එකතුවේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේ ඔහු පැමිණ තිබුනේ ජනපතිගේ නියෝජිතයෙකු ලෙස නොවන බවය.
පවතින තත්වය තුල පැමිණිමේ අපහසුුවක් පවතින බව ජනපති කාර්ය මණ්ඩලය පවසා ඇතැයි සංවිධායකවරුන් පවසා සිටි.