ජනපති මීගමුවට පැමිණිම මගඇරියේ ඇයි ?

0
47

My3මීගමුව රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරි්ක්ෂණය කිරිම සදහා දැනට කඩිනමින් ඉදිවෙමින් ඇති තාවකාලික ගොඩනැගිල්ල විවෘත කිරිම සදහා ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජුලි මස 23 වනදා මීගමුව රෝහල වෙත පැමිණිමට නියමිත තිබුණි.
ඒ සදහා සි්‍යළු කටයුතු ලහි ලහියේ සුදානම් වුවද අවසාන මොහොතේ දැනගන්නට ලැබෙන්නේ එතුමන් නොපැමිණෙන බවය.
කෙසේ වෙතත් රෝහලේ සත්මහල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය සදහා රු.මිලියන 300 ක් ලබාදිම සදහා කැබිනට් අනුමැතියද හිමිව තිබියදි ඒ මුදල නොලැබෙන තත්වයක් දැන් උද්ගතව ඇතැයි රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වා සිටි.
ජනපති මීගමුව රෝහලට ගෙන්වා ගැනිම සදහා මුල්ව කටයුතු කරන ලද ළමා විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායම කල්පනා කරන්නට ඇත්තේ කෙසේ හෝ ජනාධිපතිවරයාට  දැනට කෙරි ඇති වැඩ කොටස පෙන්වා නොලැබෙන්නට නියමිතව ඇති රු මිලියන 300 කෙසේ හෝ ලබාදෙන බවට ජනපතිගෙන් පොරොන්දුවක් ගැනිමටය.
වාර්ථා වන අන්දමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහල නිළධාරින්ගේ ඉල්ලිමක් මත ජනපතිවරයාගේ මිගමු ගමන අවලංගු වි ඇත.
මෙහි අන්තර්ගත පණිවිඩය වන්නේ  රු.මිලියන 300 ලබාදිමට සෞඛ්‍ය අමාත්‍යංශය සුදානම් නැති බවය.