ජනපති මීගමු පැමිණියේ සුදර්ශණිගේ ඇරයුමෙන්ද ?

0
79
dr.Sudarshani
පුස්තකාල ඡායාරුපයකි

ජනාධිපතිවරයාගේ හදිසි මිගමු රෝහල් නිරික්ෂණ චාරිකාව පිළිබදව මීගමුව දේශපාලන අධිකාරිය තුල උණුසුම් කථා බහක් ඇතිවන්නට පටන් ගෙන ඇති බැව් පෙනේ.
ඒනම් අද උදෑසනට 10 ට පමණ ජනාධිපතිවරයා එහි එන අවස්ථාවේ එතුමන් පිළිගැනිම සදහා රෝහලට පැමිණ සිටි  ගම්පහ දිස්ත්‍රික්කයේ එකම දේශපාලන නියෝජනය වි තිබුනේ රාජ්‍ය ඇමතිණි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි.19621473_1766619310034154_1877813279_n19512508_1766619200034165_1274541640_n19553486_1766619173367501_738486777_n19553152_1766619223367496_1884106273_n
වාර්තා වන අන්දමට ගම්පහ වෙනත් කිසිදු දේශපාලනඥයෙකු ජනපතිගේ මේ පැමිණිම දැන සිට නැති සෙයකි.
ඇමති නිමල් ලංසා ඒ අවස්ථාවේ සිටියේ මීගමුව මහනගර සභාව තුල ඩෙංගු පිළිබදව රැස්විමකය.
අවම තරමින් මීගමුවේ ශ්‍රිලනිප සංවිධායක ලලිත් ටෙන්සිල් මහතා පවා මේ බව දැනසිටි බවක් සැලව නැත.
කෙසේ වෙතත් පුත්තලම් දිස්ත්‍රික් ඇමතිවරයෙකු වන අරුන්දික ප්‍රනාන්දුද මේ අවස්ථාවේ සිටි බව වාර්ථාවේ
එසේ නම් ජනපති මීගමුවට පැමිණි බව දැන සිට ඇත්තේ සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය පමණදැයි මීගමුව දේශපාලන කව තුල දැන් කසුකුසුව බවට පත්ව තිබේ.

 

Save

Save