ජනපති සමග රාත්‍රී සාදයට සරත් විතරයි

0
67

images

අද  දින මීගමුවේ පැවති විශේෂ අවස්ථාවන් කීපයකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ අතර  එහි ප්‍රධාන  අවස්තාවක් වූයේ  ජෙයරාජ් ප්‍රනාන්දු සමරු මැදුර  විවෘත කිරීමයි.  හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා විසින් කරන ලද පරිත්‍යාගයක් වන ජයසුන්දරාරාම විහාරස්ථානයේ දී එම  මැදුර විවෘත වූ අතර මෑතකදී එම විහාරස්ථානයට පරිත්‍යාග කෙරුණ කොත නිරාවරණය කිරීමද ජනපති අතින් සිදුුවිය.  මේ සියලු අවස්ථාවන් වලින් පසු   ජනාධිපතිවරයා සදහා  රාත්‍රී සාදය සූදානම් කර ඇතැයි වාර්තා වන්නේ ධීවර නියෝජ්‍ය  අමාත්‍ය සරත් ගුණරත්න මහතාගේ නිවස තුළය. මෙම රාත්‍රී සාදය සදහා  මීගමුව හෝ කටාන ප්‍රදේශයේ ශ්‍රි.ල.නි.ප යේ කිසිදු දේශපාලකයෙකු සදහා ආරාධනා කර නොමැති බවද වාර්තා වේ.  මේ පිළිබදව අදහස් දැක්වූ ප්‍රදේශයේ  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  සාමාජිකයෙකු කියා සිටියේ දැන් සරත් ගුණරත්න ඇමතිවරයා ස්වාධීන මන්ත්‍රීවරයෙකු සේ කටයතු කරන්නට පටන්ගෙන ඇති බවයි. මෙම සාදය සදහා  සරත් ගණරත්න අමාත්‍යවරයා අතින් ආරධනා නොලැබුණ අය අතර පා.මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිනියද පළාත් සභා අමාත්‍ය නිමල් ලන්සා මහතා, මීගමුව නගරාධිපතිවරයාද වේ. එමෙන්ම  මේ අවස්තාව සදහා නි.අමාත්‍ය සරත් ගුණරත්න මහතාගේ අතිශය දේශපාලන හිතවතෙකු වන  මීගමුව  නියෝජ්‍ය නගරාධිපති එම්. සකාවුල්ලා මහතාට ද ආරධානා කර නොමැති බවද වාර්තාවේ.