ජනපති සිරිසේන පරාදයි ! ගැසට් නිවේදන අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි. !

0
236

my3

දෙවන සංස්කරණය
ප.ව. 06.05 – ශ්රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්රකාශ කරයි. පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර කල් දැමීම සදහා ජනාධිපතිවරයා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය බල රහිතකිරීමට තීන්දු කළ ශ්රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිෂන් සභාව විසින් මහ මැතිවරණයක් කැදවීම වලක්වමින් නියෝගය නිකුත් කළහ.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට ශ්රේෂ්ඨාධිකරණය නියෝග කරයි.

ජනාධිපතිරවයා විසින් පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරීම පිළිබද ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබද විභාගකිරීමට ශ්රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදි. පෙත්සම් වෙනුවෙන් විරෝධතා ඉදිරිපත්කිරීමට නොවැම්බර් 19 වනදාත්, විරෝධතා සදහා ප්රති තර්ක ඉදිරිපත්කිරීමට නොවැම්බර් 26 වනදාත්, ලිඛිත කරුණු දැක්වීම් නොවැම්බර් 30 වනදාට පෙර ලබාදීමටත් ශ්රේෂ්ඨාධිකරණය දින නියම කරයි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් නිකුත් කල ගැසට් නිවේදනය අවම වශයෙන් නොවැම්බර් 19 තෙක් බලරහිත වන අතර පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට මැතිවරණ කොමිෂමට ඇති බලයද අහෝසි කෙරේ.

සමස්ත විනිශ්චය මණ්ඩලය විසින් පෙත්සම් සම්බන්ධයෙන් අවසාන විභාගය සිදුකිරීම දෙසැම්බර් 4, 5, සහ 6 යන දිනවල සිදුකරනු ඇත

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here