ජනපති සිරිසේන යළිත් ඇද්දේ තවත් තුරුම්පුවක්ද ?

0
95

MY32එක්සත් ජාතික පෙරමුණ,ද්‍රවිඩ ජාතික සන්ධානය ,මුස්ලිම් කොන්ග්‍රස් යන පක්ෂවල නායකයන් විසින් අද සවස් වරුවේ ජනපති හමුවු අවස්ථාවේදි හෙට දිනයේ ප්‍රශ්ණය විසදා ගැනිම සදහා වන පසුබිමක් නිර්මාණය වෙමින් ඇති බව වාර්ථාවේ .
දින 20 ක් පුරාවට රට ආරජික කළ ජනපති සිරිසේනගේ හිතුවක්කාර තින්දුව නිසා රටතු තුල වර්ධනය වෙමින් ඇති අර්බුදය දැන් උත්සන්න තත්වයකට පත්ව තිබේ.
කෙසේ වෙතත් සාකච්ජාවෙන් පසු මාධ්‍ය හමුවේ රවි කරුණානායක මහතා කියා  තිබුනේ සුහද සාකච්ජාවක් පැවැති බවත් ඉක්මනින් අර්බුදය විසදේවි යැයි කියාය

.ජනපති සිරිසේන කියන නව විශ්වාසභංගය යනු කුමක්ද ?

මේ අතර දේශපාලන විචාරකයන් මෙන්ම නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඊයේ ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාවේ සඳහන්  “ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදන නීති විරෝධී” බව දැක්වෙන කොටස ඉවත් කරගෙන පාර්ලිමේන්තු බහුතරය පෙන්වන ලෙස ජනාධිපතිවරයා යෝජනා කර ඇති බව පෙනෙන්නට ඇති බවයි.

එසේම දේශපාලන විචාරකයන් සහ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහන් කර සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ සඳහන් “ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරෝධී” බව දැක්වෙන කොටස ඉවත්කර යෝජනාව සම්මත කරගැනීම අවධානම් සහගත කටයුත්තක් බවයි

ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (14) ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව

ඒ ජනාධිපතිවරයා 2018 ඔක්තෝබර් 26 සිට නිකුත් කළ ගැසට් නිවේදන නීති විරෝධී නොවන බවට මෙහිදී පාර්ලිමේන්තුව පිළිගතහොත් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊට අදාළව පැවැත්වෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට බලපෑමක් වන නිසාය. ඔවුන් පෙන්වා දෙන ආකාරයට අදාළ කොටස ඉවත්කර යළි මහින්ද රාජපක්ෂ අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් හෝ බහුතරය සම්බන්ධ ජන්ද විමසීමක් හරහා ඔහුව පරාජය කළත් එය තේරුමක් නැති දෙයක් බවට පත්විය හැක.

මන්ද ජනාධිපති පාර්ලිමේන්තුව විසුරවීම ව්‍යවස්ථා විරෝධී නොවන බවට ඒ වන විටත් සහතිකයක් සංශෝධිත යෝජනාව හරහා පාර්ලිමේන්තුව පිළිගෙන තිබෙන නිසාය. ඒ අනුව පාර්ලිමේන්තුවේ එම පිළිගැනීම නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ විට සාක්ෂියක් ලෙස මුලික අයිතිවාසිකම් පෙත්සම් ප්‍රතික්ෂේප කල යුතු බවට ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිපතිවරයාට යොදාගත හැකිය.

එසේ වුවහොත් ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරවීමට අදාළ ගැසට් පත්‍රය බලාත්මක වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීමේ අවධානමක් පවතී. එවිට පාර්ලිමේන්තුව විසුරවීම පමණක් නොව මහ මැතිවරණයක් නිවේදනය කිරීමද බලාත්මක වෙයි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සංශෝධනය නොකිරීම බවද ඔවුන් අවධාරණය කර සිටියි.

ජනපති සිරිසේන සමගින් පැවැති මෙම හමුව සදහා එක්සත් ජාතික පෙරමුණ ,මුස්ලිම් කොංග්‍රසය, ද්‍රවිජ ජාතික සන්ධානය පැමිණ තිබුණ අතර  ජනතා විමුක්ති පෙරමුණ පැමිණ සිටියේ නැත.
ජනපති සිරිසේන විසින් යළිත් වරක් තවත් තුරුම්පුවක් ඇද්දාද යන්න ගැනද දේශපාලන සමාජය තුල නව කථා බහක් මතුව තිබේ.
ජනපති සිරිසේනගේ ව්‍යවස්ථා විරෝධි ක්‍රියාමාර්ග වලට එරෙහිව දැනටම මතුව ඇති ශක්තිමත් දේශපාලන සන්ධානය තුල බෙදිමක් ඇතිකිරිම මෙහි සැගවුණ අරමුණදැයි දැනමත් විවිධ දේශපාලන කවයන්හිදි සංවාදයට ලක්වෙමින් තිබේ.