ජනපදනමක් නැති කාවින්දට වඩා ගම්පහ තරුණ නියෝජනයේ වැඩි ඉඩකඩක් හර්ෂණට…..

0
255

kavinda 1දිනෙන් දින උණුසුම් වෙමින් යන මැතිවරණ සටනේ මේ වන විට යම් යම් ඉගි සැපයෙමින් ඇත්තේ මැතිවරණයට හරියටම සති දෙකකට වඩා අඩු කාලයක් ඉතිරිවි තිබියදිය.
මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු යාමට වරම් ලැබෙතැයි සිතිය හැකි ඒ ඒ පක්ෂවල අපේක්ෂක අපෙක්ෂිකාවන් ගැන විවිධ පුරෝකථනයන් දැනටමත් සමාජගතවි හමාරය.
ඒ එක් එක්  පුරෝකථනයන් වලට පාදක වන ප්‍රධානම සාධකය වන්නේ මේ වනවිටත් මනාප රැල්ල කේන්ද්‍රගත වෙමින් තිබෙන ආකාරය අනුවය.ගම්පහ  දිස්ත්‍රික්කයේ විපක්ෂයට ඇත්තේ අමාරු සටනකි.
සමගි ජනබලවේගය මෙන්ම එජාප ද සිටින්නේ අමාරු අඩියකය. කෙසේ වෙතත් මේ දෙක අතරින් අවසන් සටනේද සාපෙක්ෂකව වැඩි හයියක් ජාතික වශයෙන් ගොඩනාගැනිමට එජාපයට හැකිවනු ඇත.
දැනට ගම්හප ගැන ඇති පුරෝකථනයන්ට අනුව සමගි ජන බලවේගයට හිමිවිය හැකියැයි සිතෙන මන්ත්‍රිධුර ගණන 3 ක් 4 ක් අතර අගයක පවති.
මේ අතරින් අංක එකටම එන්නේ රංජන් බව දැන් ඉතා පැහැදිලිය. අංක 2 ක වන තරඟයේදි අප්පචි මළා නොහොත් සොයිසා ඔහුගේ තැන ලකුණු කරගෙන යමින් සිටිනු පෙනේ.
3 න් වෙනි තැනට ඇත්තේ තරඟයකි.
ඒ සරත්ද හර්ෂණ යනුවෙනි.
මේ පසුබිම තුල සිය පියාගේ ජනබල පදනමේ වාසිය දැනටමත් සතුකරගෙන ඇති හර්ෂණට වැඩි ඉඩක් නිර්මාණය වෙමින් තිබෙන ලකුණු පෙනේ.
විශේෂයෙන්ම ගම්පහ සමඟි ජනබලවේගයේ තරුණ ආකාර්ශණය තුල හර්ෂන දැන් සිටින්නේ ඉදිරියෙනි. ඒ ආසන ජන පදනමක් නැති කාවින්දටත් චතුරටත් වඩා බෙහෙවින්ම ඉදිරියෙනි.
ඒ අනුව ගම්පහ තරුණ මන්ත්‍රිවරයා ලෙස තේරි පත්විමේ වැඩිඉඩක් මේ වන විට හර්ෂන වෙත ලැබෙමින් තිබේ.
මේ අතර කලබල නැති එඩ්වඩ් ජයසේකරද සිටි.
ඒ ඉරණම තින්දු වන්නේ දුරකථනයට ගම්පහින් ලැබෙන මන්ත්‍රි ගණන අනුවය.
මේ අනුව ගෙන බලන කල කාවින්ද ජයවර්ධනගේ පාර්ලිමේන්තු සිහිනය බොදුව යනු ඇත්තේ කප්පම් ආසන සංවිධායකකමක් ගන්නට ශක්තිමත් ආසනයක් පාවා දුන් බරපතල වැරැද්දට ගෙවිමට සිදුවන වන්දියක් ලෙසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here