ජනපිඩාවක් වාර්ථා කරන්නට ගිය මාධ්‍යවේදින්ට මන්ත්‍රිගෙන් බාධා ?

0
69

20මීගමුව කුරණ ප්‍රදේශයේ දැනට වසර කිපයක සිට ජනතාව පිඩාවට පත්කර ඇති අසුචි වලපිළිබද ප්‍රශ්ණය ගැන ජනතාවගේ ඉල්ලිම මත හිරු නාලිකාවේ වාර්ථාකරු සමඟින් මීපුර වෙබ් අඩවියද එහි ගොස් තිබුනේ පවතින් තත්වය වාර්තා කරනු පිණිසය.
අප එහි යන විට මගරැක සිටි ප්‍රදේශයේ මන්ත්‍රිවරයා අප වෙත පවසා සිටියේ ගූ වලේ නිව්ස් එක ගහන්නද යන්නේ හැබැයි හරියට කරපල්ලා බොරු එහෙම දාන්නේ නැ කියාය.
තවදුරටත් කරුණු පවසා සිටි මන්ත්‍රිවරයා අපගේ කැමරා වල සටහන් කරගනු ලබන තොරතුරු ඔහු වෙත පෙන්විය යුතු බවද පවසා සිටියේය.
කෙසේ වෙතත් අපටත් කලින් යළිත් රැස්ව සිටි ජනතාව හමුවිමට ගොස් සිටි මන්ත්‍රිවරයා ජනතාවට පවසා ඇත්තේ අවුරුදු 2 කක් ඉවසුවාසේ තවත් මාස 2 කක් ඉවසන ලෙසය.මාධ්‍ය වලට මාධ්‍යවලට තොරුතුරු දෙන්නේ නම් ඔවුන් කිසිවක් නොකරන බවත් මාධ්‍යකාරයන්ට කියා අසුචි ප්‍රශ්ණය විසදා ගන්නා ලෙසත්ය.
කෙසේ වෙතත් අප විසින් අදාල මන්ත්‍රිවරයා වෙත දන්වා සිටියේ ජනතාවගේ ප්‍රශ්ණ මාධ්‍ය විසින් වාර්ථා කරන්නේ කාටවත් ඕනා විදියට නොව මාධ්‍යවේදින්ට ඕනා  විදියට පමණක් බවය.එයට බාධා කිරිමට කිසිවෙකුටත් අයිතියක් නැති බවද අප අවධාරණය කර සිටියෙමු.
කෙසේ වෙතත් අවසානයේදි මන්ත්‍රිවරයා නිහඩ වුයේ ජනතාවගෙන්ද නැග ආ විරෝධය හමුවේය.
ඩන්ටි නමින් හදුවනු ලබන මේ මන්ත්‍රිවරයා පසුගිය දිනක මහසභා රැස්විමකින් පසුව එජාප නාගරික රවි ජිවානන්ද මන්ත්‍රිවරයාට පහර දිමට තැත් කිරිම සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක්ද වේ.