ජනබලයට බයේ නගරාධිපති දයාන් ලංසා මහසභාවත් කල් දමයි ?

0
184

මීගමුව නගරාධිපති දයාන් ලංසාගේ නිවස පසුගියදා විරෝධතාකරුවන් විසින් වටකළ මොහොත…..

මීගමුව පොදු දේපල සහ බදු මුදල් කාබාසිනියා කරමින් අන්ත දුෂිත පාලනයක් ගෙන යමින් සිටින ලංසා පවුල අද පැවැත්විමට නියමිතව තිබුන මහසභා රැස්විමේදිද දැවැන්ත වංචාවක් සිදුකිරිමට සුදානමින් සිටියේය.
එනම් මිගමුව බිච් පාක් ටෙන්ඩරය මෙවරත් අනිවාර්යෙන්ම සිය පියාට ලබාදිම සදහා අවශ්‍ය වගන්ත් ඇතුලත් කරමින් ටෙන්ඩර් කොන්දේසි නිර්මාණය කරමින්  අද පැවැත්විමට නියමිත මහසභාවේදි ඒය සම්මත කරගැනිමට සැලැසුම් කර තිබුණි.
එහෙත් එයට එරෙහිව මිගමුව මහනගර සභාවේ තවමත් කොන්දක් ඇති නාගරික මන්ත්‍රිවරු පිරිසක් මෙම දුෂිත වංචාව ගැන ඊයේ දිනයේ හෙළිකරමින් මෙයට විරෝධය පළකිරිම සදහා අද උදේ 10 ට මිගමුව මහනගර සභාවට ජනතාවට ඒන ලෙසින් දැනුම් දි තිබුණි.
මේ සම්බන්ධයෙන් ෆෙස් බුක් පිටුවෙන් සජිව ප්‍රකාශක් කරමින් නාගරික මන්ත්‍රි සංගිත් මිගමුවේ ජනයාට අද පෙ.ව 10 ට නගර සභාවට පැමිණෙන ලෙසින් ඇරයුම් කරන ලදි.
කෙසේ හෝ වඩාත් විශ්වාස කටයුතු ලෙසින් මේ මොහොතේ දැනගන්නට ලැබුනේ අද දින මහසභාව කල්දැමිමට මිගමුව නගරාධිපති දයාන් ලංසා කටයුතු කර ඇති බවය.