ජනමාධ්‍ය කලාව නැංවීම වෙනුවෙන් මාධ්‍යවේදීන්ට ”ඇසිදිසි”ජනමාධ්‍ය ශිෂ්‍යත්ව

0
153

c370ab1d0aec836c513f23e6f2f42440_XLවෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත වි නොමැති විම හේතුවෙන්ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදින් විශාල පිඩාවට පත් වී ඇති බවත්,වෘත්තීයජනමාධ්‍ය කලාවක් ස්ථාපනය කිරි‍මෙන් පමණක් ජනමාධ්‍යවේදින්ගේ වෘත්තීය ගෞරවය රැක ගත හැකි බවත්,ඒ තුළින් සමාජමය ආර්ථිකමය වටිනාකමක් ගොඩ නැගෙන බවත්, ”ඇසිදිසි” ජනමාධ්‍යශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අමතමින් ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

අද(15) රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය පැවැත්විණි.

තවදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා සඳහන් කළේ,ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලබන ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් ජනමාධ්‍යවේදියා දැනුම,කුසලතා හා ආකල්ප වැඩිදියුණු කර ගැනිමටත්,වෘතිතියමය වශයෙනි සංවර්ධනය කිරිමේ හැකියාව ඇති බවත්,21 වන සියවසට ගැලපෙන මාධ්‍යවේදියෙන් නිර්මාණය කර ගැනිම සඳහා අවශ්‍ය නූතන දැනුම උසස් අධ්‍යාපන දැනුමෙන් අපට ළඟා කර ගත හැකි බවත් පැවසීය.

මෙම අවස්ථාවට එක් වු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවිර මහතා පැවසුවේ,වෘත්තියමය ජනමාධ්‍ය පිරිසක් රටට අවශ්‍ය බවත්,අනිකුත් ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව අධ්‍යපනික මට්ටම ජනමාධ්‍යවේදින්ගේ ඉහළ දැමිම සඳහා යෝජනා කර ඇති බවත්ය.

2006 වසරේ ජනමාධ්‍යවේදින් 11 දෙනෙක් සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩ පිළිවෙල ආරම්භ කළ අතර මේ වසරේදි එය ශිෂ්‍යත්ව 109ක් දක්වා ඉහළ නංවා ඇත.දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල වසර 3ක සේවා කාලයක් සපුරා ඇති පූර්ණ කාලින හෝ අර්ධ කාලින පදනම මත සේවයේ නියැළී සිටින මාධ්‍යවේදින්,නිදහස් මාධ්‍යවේදින්,ප්‍රාදේශිය මාධ්‍යවේදින් සහ වෙබ් මාධ්‍යවේදින්ට මෙම ශිෂ්‍යත්ව ලබා දි තිබේ.

උපාධි,පශ්චාත්උපාධි,සඳහා රුපියල් ලක්ෂ දෙකක(200,000.00) මුදලක් හෝ කෙටි කාලින හෝ දිගු කාලින සහතික පත්‍ර පාඨමාලාව,ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක(100.000.00) උපරිමයකට යටත්ව මෙම ශිෂ්‍යත්ව මුදල් ලබා දේ.ශිෂ්‍යත්වලාභීන්ට පිළිගත් විශ්වවිද්‍යාල,උසස් අධ්‍යාපනික පුහුණු ආයතන මඟින් පවත්වනු ලබන මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලාවක් හැදෑරිය හැක.

මේ අවස්ථාවට රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රමණි ගුණවර්ධන මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වුහ.


www.news.lk/