“මහින්ද රාජපක්ෂ මහත්තයා ජන්දය පැරදුනාම එදින හිමිදිරියේම වාහනය අරගෙන අත වනලා ආයුබෝවන් කියලා යනවා තමා අපි ටීවී එකේ දැක්කේ. ඒක ඇත්ත නෙමේ .ඒදා රාත්‍රීයේ සෑම ඡන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථායකටම එක්කෙනා බැගින් තමන්ගේ නියෝජිතයෙක් තියලා තිබුනා දුරකථනයක් දීලා. ඒ නියෝජිතයා හරහ එයාලා දැනගත්තා ඡන්ද ප්‍රතිඵල. රෑ 12 , 1 වෙද්දී එයාලා දැනගත්තා මහින්ද මහත්තයා පරාදයි කියලා.ඉන්පසු නීතීපතිවරයා කැදෙව්වා.අග්‍රවිනිශ්චයකාරයත් අරලිය ගහ මන්දිරයේ .තවත් දේශපාලඥයිනුත් එක්තු වෙලා එයාලා තීරණය කරන්න හැදුවේ හමුදා කුමන්ත්‍රණයක් නොවේ. කලින් මහින්ද රාජපක්ශ මහත්තයා අතඇරපු අවුරුදු දෙක නැවත බලයේ ඉන්න උත්සහ කලේ. නීතීපති හරහා නීතී තර්කයක් හදාගෙන අග්‍රවිනිෂ්චකාරයා හරහා එය සහතික කරගෙන මැතිවරණ කොමසාරිස්වරයා හරහා එයා ප්‍රකාශයට පත් කරන්නයි හැදුවේ.”