ජනාධිපතිගේ මතට තිතට , අරුන්දිකගෙන් තිත?

0
55

මේ දිනවල දංකොටුව සහ වෙන්නප්පුව ප්‍රදේශවල කසිප්පු කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් ගැන පොලීසිය විපරමින් සිටින අතර නිතර වැටලීමි සිදුකරයි.
වෙන්නප්පුව සහ දංකොටුව  යන ප්‍රෙද්ශවල මෙම ව්‍යාපාරය මැඩලීම ලේසිපහසු නොවන අතර එය තවත් අමාරුවී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන්ගේ සහයෝගයද මේ කර්මාන්තයේ යෙදෙන අයට තිබෙන බැවිනි.
මේ දිනවල දංකොටුව ප්‍රෙද්ශයේ සිදුකරන අරක්කු වැටලීම් වලට ප්‍රදේශවල ප්‍රබල දේශපාලනඥයෙකු ගේ බලපෑම් ඇති බව ද වාර්තා වන අතර ඔහු විසින් පොලිසියේ ඉහළ නිලධාරීන්ට සිය රාජකාරි නිසිලෙස කරගැනීමට බාධාවක් වී ඇති බවද තතු දත් අය පවසති.  අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රබල ආධාරකරුවෙකු  වන පා.මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ,වෙන්නප්පුව ආසන සංවිධායකවරයාද  වේ.
ඔහුගේ බලපෑම් හේතුවෙන් දංකොටුව පොලීසිය මෙන්ම වෙන්නප්පුව පොලීසිය මගින් සිදුකරන මෙම නීතිමය වැටලීම් නිදහසේ සිදුකරගෙන යාමට බාධාවන් ඇති වි  ඇති බව වාර්තා වේ.
පසුගිය වයඹ පළාත්සභා මැතිවරණය අවස්ථාවේ දී අරුන්දික මන්ත්‍රීවරයා විසින් විපක්ෂ ක්‍රියාකාරීන්ගේ නිවෙස් වලට මධ්‍යම රාත්‍රියේදී  ගොස් සිදුකළ පහරදීම් හා තර්ජන හමුවේද දංකොටුව පොලීසිය විසින් කිසිදු පියවරක් නොගන්නා ලදී. Sri Lanka023 Hier wird Arrak gemacht