”ජනාධිපතිතුමෙනි කතෝලික අපගේ පවුල් වලට පිහිට වෙන්න’ ”

0
131

අද මීගමුව බස්නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවක නියැළුන ඕස්ටෙුලියාවට යාමට ගොස් ලංකාවේ බන්ධනාගාර තුළ සිරගතව සිටින පුද්ගලයන්ගේ පවුල් වල සාමාජිකයන් ඔවුන්ගේ අවනඩුව කාඩ්බෝඩ් වල ලියාගෙන පැමිණ තිබුණි. මෙම පිරිස මීගමුව, මහවැව , හලාවත  ආදී ප්‍රදේශ වලින් පැමිණි අතර සිය දරු දැරියන් ද රැගෙන විරෝධතාවයේ නිරත වූහ. සියලූම දෙනා බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ගේ බිරිද හෝ සොහොයුරිය හෝ මව්වරුන්ය. අදත් ඔවුන්ගේ සටන් පාඨ වල තිුබුණේ

”ජනාධිපතිතුමෙනි කතෝලික අපිට පිහිට වෙන්න”

ඕස්ට්‍රේලියා යාමට ගොස් අත්අඩංගුවේ පසුවන  සිරකරුවන් නිදහස් කර දෙන්න”

” ජනාධීපතිතුමෙනි නත්තලට පෙර අපේ ස්වාමිපුරුෂයින් නිදහස් කර දෙන්න”

” ජනාධිපතිතුමෙනි අපේ දරුවන් නත්තලට පෙර නිදහස් කර දෙන්න””
මේ වායි.
මෙම පිරිස පවසන්නේ මේ සිරගතකර සිටින්නේ ලංකාවේ ජීවත්වීමට ඇති අමාරුව නිසා ඕස්ට්‍රේලියාව යාමට උත්සාහ කළ නිසා,ඔවුන් දැන් මාස ගණන් සිරගතකරගෙන සිටීම නිසා තම පවුල් ජීවත්වීමට නොහැකිව තවත් අන්ත අසරණ තත්ත්වයකට පත්වඇති බවයි.

සමහර පවුල් වල පුතුන් බන්ධනාගාරගතවී අවුරැදු දෙකක් පමණ වන බවත් ඔවුන්ගේ දරුවන්ට කෑම සොයා දී රැකබලාගැනිමට සිදුවී ඇත්තේ මහලු මව්පියන්ට බව එක් මවක් පැවසුවාය. සෑම පවුලකම දරැවන් 3න් දෙනෙකු හෝ හතරදෙනෙකු සිටින අතර මෙම කාන්තාවන් මුහුණ දි ඇත්තේ  ඇත්තේ පවුල නඩත්තු කරගැනීමේ අර්බුදයටයි.

ඒ අතර සැමියන් නිදහස් කරගැනීමට ද දස අතේ දුවපැනීමට සිදුවීමත් නිසා අතේ මුදල් අගහිගකම් වැඩිවීමත් හේතුකොට බිරින්දෑවරැන් සහ දරුවන් මහත් පීඩාවකට ලක්වී සිටින බව ඔවුන් පවසයි.

අද පැමිණ සිටි හලාවත කාන්තාවක් පැවසූවේ සැමියා බලන්නට එනවිට දරුවන් 3 දෙනාම රැගෙන එන නිසා වටේටම ණයවී මුදල් සොයාගෙන පැමිණෙන බවත් , කුඩා දරුවන් සමග මේ ලෙස ගමන් එන්නට  අතේ මුදල් නැතිව බැරිබවත්ය. අද මෙම ගමනට ඇය පැමිණ තිබුණේ අසල්වැසි නිවෙස් වලින් රු 100 ය බැගින් සොයාගෙනය. සැමියා බන්ධනාගාරගතවූ පසු ජීවත්වීම සදහා ඇය දැල් බේරිම සදහා රාත්‍රී 7.00 සිට පාන්දර 5.00 වනතුරැ වැල්ලට වී සිටින බවත් ඊට අමතරව කරවල වෙළදාමේ නිරත වන බවත් ඇස පැවසුවාය.

මෙම සියලු දෙනොගේම අපේක්ෂාව වන්නේ ඉතා ඉක්මණින් සිය සාමාජකයන් නිදහස් කර ගැනීම වන අතර ඒ සදහා ඇති නිති රෙගුලාසි ලිහිල් කරන ලෙස ඔවන් ජනාධීපතිතුමාගෙන් ඉල්ලා සිටිති.

මේ සියළු දුක් ගැහැට කියන්නට ඔවුන් ඊයේ අගරදගුරු මැදුරට ගොස් තිබුනද එහි කිසිවෙකුත් ඔවුන්ගේ දුකට ඇහුම්කන් දි තිබුනේ නැත.මෙවන් ප්‍රශ්ණ කියන්නට යළිත් ඔවුන් සොයා කිසි දිනක පැමිණෙන්න එපා යැයිද පවසා තිබේ.