ජනාධිපතිතුමෙනි – මීගමුවේ කඩොලාන භූමිය විනාශ කළ පුද්ගලයන්වත් නීතිය හමුවට ගෙන එන්න

0
25

Screenshot from 2015-05-13 13:45:55
විල්පත්තුව ප්‍රදේශයේ සිදු කරනු ලැබූ වන විනාශය පිළිබඳ පරීක්ෂණ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත  වාරිමාර්ග මහවැලි සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා විසින් බාරදී තිබේ. ඒ  විල්පත්තුව අභයභූමිය ආශ්‍රිත ප්‍රදේශවල වනය එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙසට පසුගියදා ජනාධිපතිවරයා විසින් ලබා දුන් උපදෙස් අනුවය.එපමණක් නොව සිය ජනාධිපති බලතල පාවිච්චි කරමින් පරිසරය සුරැකිමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා විසින් සදහන් කර තිබුණි.

පසුගිය දිනවල විල්පත්තුවේ වන විනාශය ගැන  මහත්වු උනන්දුවක් රට තුල මතුවිය.මාධ්‍ය විසින් ද ඒ ගැන ජාතික සංවාදයක් බවට පත් කරන ලදි.
එහෙත්  මීගමුව තුල හෝ ජාතික වශයෙන් කිසිදු අවධානයකට යොමු නොවු මීගමුවේ කඩොලාන අක්කර 8 ක් කපා විනාශ කිරිමේ දැවැන්ත පාරිසරික අපරාධයක් සිදුවිය.
මීගමුව තුළ පිහිටා ඇති කඩොලාන වන සම්පත ද පාරසරික වටිනාකම් රැසක් තිබෙන ස්වභාවික වන සම්පතකි. මෙහි අක්කර 26 ක පමණ  භුමි භාගයේ පිහිටා ඇති අතර තවත් කඩොලාන වන ගහනයකින් සමන්විත  කලපු  දූපත් 13 මීගමුව කලපුව තුළ පිහිටා තිබේ.
මෙම කඩොලාන රක්ෂිතයෙන් අක්කර 08ක් පමණ ප්‍රමාණයක්  කිසිදු අවසරයකින් තොරව කපා විනාශ කරන ලදී.
මෙය සිදුවූයේ එවකට හිටපු ප්‍රා.ලේකම්වරයෙකු වන ශාන්ත කේ මුහන්දිරිම් නැමැත්තාගේද පුර්ණ සහයෝගයෙනි.
පානිය ජල ව්‍යාපෘතියකට අවැසි පර්චස් 100 ක ඉඩක් වෙනුවෙන් අක්කර 8 ක් කපා දැමිමට මුලිකත්වය ගෙන තිබුනේ ශ්‍රිලනිප නාගරික මන්තින් වන බන්දුල නාඔටුන්න සහ ඩන්ස්ටන් හෙවත් ඩන්ටි යන මන්ත්‍රින් දෙදෙනාය.
ඒ එවකය නගරාධිපතිව සිටි නිමල් ලංසාගේ උවමනාව අනුවය.  ඒ මහතා දැන් ජනාධිපතිවරයා සභාපතිධූරය දරන   ශ්‍රි.නි.පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකි.
එහෙත්  කඩොල් විනාශය කළ කිසිවෙකුත් අත්අඩංගුවට ගැනුනේ නැත.
අද ද එම කපාදැමූ කඩොලාන අක්කර 08 ට අදාළ විවිධ සංවර්ධන ව්‍යාපෘති කිරීමට දේශපාලකයන් උත්සාහ කරන අතර මෙය වනරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති සම්පතකි. එමෙන්ම ලංකාවේ පාරසරික පද්ධතියට අයිති උරුමයකි.
ජනාධිපතිතුමෙනි මෙම පරිසර විරෝධී මෙන්ම නීති විරෝධී විනාශයට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවීම ඔබගේ ද වගකීමකි.

සබැදි පුවත් –

පර්චස් 100 කට මුවා වෙලා අක්කර 8 ක කඩොල් කැපුවා- ” රොයිස් විජිත ”