ජනාධිපති ගෙන් සුසිල් ප්‍රේම්ජයන්තට දෝස්මුරයක් !

0
62

ආණ්ඩුව අභ්‍යන්තරයේ සිට ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විවේඡනය කරන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැනි පුද්ගලයින් ඕනෑම අවස්ථාවකදී අමාත්‍ය ධුරවලින්  කිරීමට තමාට ඕනෑම අවස්ථාවක බලය ඇතැයි ජනාධිපති

ගෝඨාබය රාජපක්ෂ අද (03) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි දැඩි ආවේගයෙන් යුතුව ප්‍රකාශ කර ඇත.

මෙම කැබිනට් මණ්ඩල රැස්වීම 2022 අවුරුද්දේ ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීමයි.

කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී අංක 49 කැබිනට් පත්‍රිකාව අතට ගත් ජනාධිපතිවරයා රජය විසින් ලබාදීමට නියමිත විශේෂ සහන මල්ල ඇතුලත් මුදල් ඇමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාව කියවා තිබිණ.

ඉන්පසුව ඇමැතිවරුන් ඇමතූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ,  ඉතාම අසීරු තත්ත්වයකදී වූවද ජනතාව සඳහා මෙවැනි සහන මල්ලක් දීමට රජය විසින් තීන්දු කර ඇති අවස්ථාවකදී ඒ පිළිබද ජනතාව තුළ මතයක් හදනවා වෙනුවට ආණ්ඩුවේ ඇතුලේ සිට ආණ්ඩුවම විවේඡනය කිරීම විපක්ෂයට වාසිදායක වී ඇති බවයි.

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා විසින් පසුගියදා සිදුකර තිබු ආණ්ඩු විරෝධී විවේචනය පිලිබදවද මෙහිදී ජනාධිපතිවරයාගේ දැඩි ලෙස අප්‍රසාදය පළ කර තිබිණ.

ආහාර අර්බුදයට අදාල විෂයභාර ඇමැතිවරුන් සහ ප්‍රතිපත්තිමය තීන්දු ගත් පුද්ගලයන් වගකිව යුතු බවටත්, රටේ මුහුණ සිටින බරපතල අර්බුදයන්ට විසඳුම් දිය හැකි කාලය ඉක්මවා ගොස් ඇති බවත් දැන් මේවාට විසඳුම් දිය හැක්කේ වෙනත් කණ්ඩායමකට බවටත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පසුගියදා අවධාරණය කර සිටියේය.

බඩු මිල වැඩි වීමට වෙළෙඳ ඇමැති කෘෂිකර්ම ඇමැති, ආහාර ඇමැති වගකිවයුතු බව පැවසූ ප්‍රේමජයන්ත, කෘෂිකර්ම ඇමැති සම්පූර්ණයෙන්ම “ෆේල්” බවද ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත විසින් සිදුකළ එම ප්‍රකාශයන් සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන හා මහින්දාන්නද අලුත්ගමගේ යන අමාත්‍යවරුන් දෙදෙනා ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබී ඇත. ජනාධිපතිවරයා දැඩි ආවේගයෙන් යුතුව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ඉලක්ක කර ගනිමින් ඉහත ප්‍රකාශය කර ඇත්තේ ඉන් අනතුරුවය.
theleader.lk