පසුගිය ජනාධිපති මැතිවරණ සමයේ පැවැති උත්සවයක් දේශපාලන කටයුත්තක් ලෙස යොදාගැනිම සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන ඒකකය මේ වනවිට පරික්ෂණයක් ආරම්භ කර ඇත.
මෙම විමර්ශනයට අදාලව මීගමුව නගරාධිපතිවරයාව හමුවිමටද ජනාධිපති විමර්ශන ඒකකයේ නිළධාරින් පැමිණ ඇතැයි යන පුවත ගැන අප කළ විමසුමකට පිළිතුරු දුන් නගරාධිපති ඇන්ටනි ජයවීර මහතා පවසා සිටියේ පසුගිය සෙනසුරාද දිනයේ තමන්වද හමුවිමට පැමිණි විමර්ශණ නිළධාරින් ජනාධිපතිවරයා පැමිණි උත්සවය සංවිධානය කිරිම සදහා මුදල් වැයකලේ කව්රුන්දැයි විමසා සිටි අවස්ථාවේ එහි සියළු සංවිධාන කටයුතු ශ්රිලනිප ආසන සංවිධායක සරත් කුමාර ගුණරත්න මහතා විසින් කරන්නට යෙදුන බව තමන් ඒ නිළධාරින්ට පැවසු බව කියා සිටියේය.
එමෙන්ම තවදුරටත් කරුණු දක්වමින් ඔහු කියා සිටියේ එකි විමර්ශන නිළධාරින් විසින් මීගමුවේ ඇතැම් ප්රචාරක පුවරු සකසන ආයතන වලින් පවා කරුණු විමසා ඇති බවයි.