ජනාමාධ්‍යවේදීන්ට අත නොතබනු !

0
104

ජමාල් 1

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ ඉස්තාන්බූල් නගරයේ පිහිටි සෞදි තානාපති කාර්යාලයේදී ඝාතනය කර තිබීම මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින සැමගේ බරපතල අවධානයට ලක්ව ඇති කරුණක්ව පවතී.

එම කෲර ඝාතනයට එරෙහිව දැනටමත් ලෝකය පුරා විරෝධතා විවිධ නගරවලදී පැන ගැනී තිබේ. ඔවුන් හා එක්වෙමින් ශ‍්‍රී ලංකාව තුළ ද විරෝධතාවයක් සංවිධානය කිරීමට වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය මූලිකත්වය ගෙන ඇති අතර, ඒ සඳහා ඔක්තෝම්බර් මස 25 වෙනි දින දහවල් 12 ට කොළඹ, සෞදි තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණෙන ලෙස සංවිධායකයන් ආරාධනය කර තිබේ.

ජනමාධ්‍යවේදී ජමාල් මුලින් තමන්ගේ ජනමාධ්‍යවේදී කටයුතු සිදු කරනු ලබන්නේ සෞදි අරාබියේ සිටයි. එහිදී මුලදී සෞදි කුමරුන් සමග සමීපව කටයුතු කරන ඔහු පසුව රජයේ අක‍්‍රමිකතාවයන් හෙළිවීමත් සමග ඒවා එළිපිටම විවේචනය කිරීමට පටන් ගනී. එහිදී ඔහුගේ ජීවිතයට මරණ තර්ජනයන් එල්ල වීමට පටන් ගනියි. ඒ නිසාම ඔහු සෞදිය අතහැර ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ජීවත්වීමට තීරණය කරයි. වොෂින්ටන් පුවත්පතේ ජනාමධ්‍යවේදියෙකු ලෙස සේවය කරයි. තමන්ගේ දික්කසාදයේ ලියකියවිලි ලබාගැනීම සඳහා ඔහු තුර්කියේ පිහිටි සෞදි තානාපති කාර්යාලයට ගමන් ගන්නේ ඒ සඳහායි. ඔහුගේ මේ ගමන ගැන කල්තියා දැනගැන්නාවූ සෞදි ඔත්තු සේවා ඔහු පසුපස හබා එයි.

තුර්කයේ පිහිටි තානාපති කාර්යාලයට ඇතුල් ඔහු ඇතුල්වෙද්දි ඔහුගේ ජංගම දුරකතනය හා වෙනත් අවශ්‍ය දෑ ඔහුගේ වත්මන් පෙම්වතිය සමග තබා පැමිණේ. මුල් අවස්ථාවේදී ඔහුට පහර දීමට ගත් උත්සාහයන් වලදී ඔහු නගන ලද අදෝනාවන් ඔහු පැලඳ සිටි විශේෂ විද්යුත් අත් පළඳනාව හරහා පෙම්වතියට අසන්නට ලැබේ. පසුව සෞදි ඔත්තු සේවා නිලධාරීන් විසින් මකා දමා ඇත. සෞදි එත්තු සේවා නිලධාරීන් විසින් ජමාල්ට පහරදී ඔහුගේ අවයව සිරුරින් වෙන් කර, රසායනිකයන් භාවිතා කර සිරුරේ සමහර කොටස් දියවීමට ඉඩ හැර විනාශ කර ඇත. තවත් කොටස් තුර්කියේ විවිධ ස්ථානයන් හී දමා ඇති බවට පරීක්ෂණ පවත්වන තුර්කි බලධාරීන් අණාවරණය කර ඇත.

කෙසේ වුවත් ලොව පුර වෙසෙන ස්වාධීන නිර්භීත ජනමාධ්‍යවේදීන්ගේ සතුටට හේතුවන්නේ මෙම සිදුවීම සම්බන්ධව විහාල තොරතුරු ප‍්‍රමාණයක් මේ වන විටත් අණාවරණය කර ගැනීමට හැකිවීමත්, සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකිවීමත් ය. ලොව පුරා ජනමාධ්‍යයන්ගේ බලය පෙන්වමින් මේ වන විටත් එම තොරතුරු ලොව පුරා සැරිසරයි. වාර්තාවන අන්දමට මෙම සිදුවීමට සෞදියේ ඔටුුන්ට හිමි කුමරා වන මොහමද් බිල් සල්මන්ගේ ඇති සම්බන්ධය ගැන දැනට සැකයක් නොපවතින අතර ක‍්‍රමයෙන් තොරතුරු අණාවරණය වෙමින් පවතී.

මෙම ඝාතනය සම්බන්ධයෙන් එල්ල වන විරෝධතාවයන් හමුවේ සෞදියේ මහා ආයෝජන සමුුළුව වන Davos in the Desert සමුුළුව සඳහා සහභාගිවීමට සිටි බොහෝ ආයෝජනයකයන් සමුළුවට සහභාගිවීම ප‍්‍රතික්ෂේප කර ඇත. මෙම සමුළුව මගින් සෞදිය නව මාවතක් වෙත ගෙන යාමට රජය විසින් දරණ ලද උත්සාහයන් දැන් ආසාර්ථක වී තිබේ.

අයිතිය අවධාරණය කරනු ලබන්නේ ලංකාවේ ජනමාධ්‍යවේදීන් ඝාතනයන් හා අතුරුදහන්වී වසර ගණනාවක් ගත වී ඇතත් මෙවැනි ආවරණයන් සිදු කරගැනීමට නොහැකි වීම හෝ අදාළ තොරතුරු හා පුද්ගලයන් සැගවීමට උත්සාහ කිරීමෙන් යුක්තියට හා ජනමාධ්‍ය නිදහසට සිදුවන හානියයි. අනතුරයි. ජමාල්ගේ ගාතනය ගැන අප වේදනාවට හා කණගාටුවට පත්වන නමුත් ඉතා ඉක්මනින් ඔහුගේ ඝාතනයේ තොරතුරු ජනතාව අතට පත් කිරීමට හැකිවීමත් ඒවා ලොව පුරා ප‍්‍රචාරය කිරීමට හැකිවීමත් අප ලද ජයග‍්‍රහණයකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විරෝධය දැක්වීමත් සමගින් ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ සිදුවීම් ද සිහිපත් කිරීම වටී.
www.aithiya.lk

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here