ජන ජීවිතය බිඳවැටෙයි.. වැසියෝ රට පනියි..?

0
161


අද රට තුළ දසතින් අසන්නට දකින්නට ලැබෙන්නේ ජීවත්වීම අපහසු නිසා නැගෙන ජනතා අඳෝනාවයි .

ගොවීන්ට පොහොර නැත , ගුරුවරුන්ට නිසි වැටුපක් නැත. සිසුන්ට අධ්‍යාපනයක් නැත . මිල පාලනයක් නැති හෙයින් වෙළෙන්දා බඩු මිල නිතර ඉහළ දමති. රටේ පවතින මෙම තත්ත්වය පිළිබඳව අප සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුගේ අදහස විමසා සිටියෙමු.
මේ පිළිබඳව ප්‍රථමයෙන්ම අප සමඟ අදහස් බෙදා ගත්තේ මීගමුව නගරයේ දක්ෂ කලාකරුවෙකු වන නිහාල් ද සිල්වා මහතාය. ඔහු මේ ගැන පළකළේ මෙවන් අදහසකි.


” ආර්ථික වශයෙන් අද විශාල පිරිහීමකට රට පත්වෙල තියෙන්නෙ. ගුරු මහත්ම මහත්මීන් මේ වගේ විශාල උද්ඝෝෂණ වලට සහභාගි වෙනව අපේ ඉතිහාසය තුළ අපි දැකල නෑ . අද ආර්ථිකය සමඟ පරිපාලන කටයුතු සියල්ල අඩාලවෙල තියෙන්නෙ . විශේෂයෙන් තරුණ පරපුර අරගෙන බලන කොට ඔවුන් මේ දකින දේවලුත් එක්ක ඔවුන්ගේ අනාගත සිහින බොඳවෙල තියෙන්නෙ . රැකියාවක් හොයාගන්නෙ කොහොමද ?, පවුල් ජීවිතයක් පටන් අරගෙන ඉස්සරහට ගෙනියන්නෙ කොහොමද ? කියන ප්‍රශ්ණයට මේ තරුණ පරපුර මුහුණ දීල තියෙනව. ඒ හින්ද තමයි ඔවුන් විදේශ ගතවී රැකියාවක් කරන්නට උත්සාහ කරන්නෙ .”


මීලඟට මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ මීගමුව නගරයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන මුනියර් මහතාය.


” ආර්ථිකය තුළ බඩුමිල ඉහළ යනව. පොහොර පිළිබඳව ගැටළුවක් තියෙනව. සිමෙන්ති නෑ. ඒ වැඩකටයුතු කරගෙන යන්න ඒනිසා අපහසු වෙල තියෙනව. අාණ්ඩුවට සැලැස්මක් නෑ. පොහොර ගැටළුව , බඩුමිල වැඩිවීම ආදිය බැලුවහම මේව වෙනත් හස්තයක ක්‍රියාකාරීත්වයක්ද කියල හිතෙනව. සමාජයක් ලෙස අල්ලස් ,දූෂණ වහාම නතර කළ යුතුයි . ඒ සඳහා සැලැස්මක් ඕන . බඩගින්න කාටත් පොදුයි. දේශපාලනඥයින්ට නම් ඕනතරම් වරප්‍රසාද තියෙනව.”


මීලඟට අදහස් දැක්වූයේ ගරුවරයෙකු සහ සමාජ ක්‍රියාධරයෙකු වන අබ්දුල් රහුමාන් මුතුකුඩ මහතාය . ඔහු තම අදහස පළකළේ මෙසේය.

” ඇත්තෙන්ම මේ රටේ ඉන්න තරුණ තරුණියො රස්සාවන් සඳහා පිටරට යන්න පටන් අරන් තියෙනව. බොහෝ දෙනෙක් මෙසේ පිටරට යන්නෙ ආර්ථික හේතුව නිසයි. අද ආර්ථිකය කඩා වැටිල තියෙන්නෙ . ගොවීන්ට පොහොර නෑ. ඒවගේම ගුරුවරුන්ගෙ වැටුප් ප්‍රශ්ණය වගේ ප්‍රශ්ණ ගනනාවක් තියෙනව. අධ්‍යාපනය කඩා වැටිල .
මේ ප්‍රශ්ණ වලට සාර්ථක විසඳුමක් නෑ. අනාගතය අස්ථිරයි. ඒනිසා අද බුද්ධිමතුන් වගේම බොහෝ දෙනෙක් රට යන්න පෙළඹිල තියෙනව.


අවසානයට අදහස් දැක්වූයේ මීගමුව එ.ජා.ප නාගරික මන්⁣ත්‍රීනී කාංචනා වීරසිංහ මහත්මියයි.


“දැන් මේ රටේ මිනිස්සුන්ට ජීවත්වෙන්න ලොකු අරගලයක් කරන්න වෙල. රු. 1000/ කින් ජීවත්වෙච්ච මිනිහට අද රු. 3000/ ක් වියදම් කරන්න සිද්ධ වෙල. සෞඛ්‍ය අංශය කඩාවැටිල, අධ්‍යාපනය කඩාවැටිල . හෙට දවසෙ අපිටත් ර⁣ට යන තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නෙ . ගොවියන්ට පොහොර නෑ. කේෂේත්‍රය ගැන නොතේරෙන අමාත්‍යවරු තමයි ඒ ඒ අමාත්‍යංශ වල ඉන්නෙ .ඒ අය ඒ ගොල්ලන්ගෙ පුද්ගලික ජීවිත හදාගන්නව හැරෙන්න රටක් හදන බවනම් පේන්නෙ නෑ. පදික වෙළෙන්දගෙ ඉඳල ජීවත්වන ක්‍රමයක් තිබුණ, අද ඒ ජීවන ක්‍රමය ඔක්කොම කඩාවැටිල .හැම රටකම සැලැස්මක් තියෙනව රට පාලනය කරන්න . අපේ රටේ තමයි නැත්තෙ.
සැම්සන් ඥානසිරි


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here