ජපන් spair parts නම් විජේසිංහ සහෝදරයෝ

0
81

   

????????????????????????????????????

මීගමුවේ   යතුරුපැදිවල   අමතර  කොටස්  අලෙවිකරන   වෙළඳ ව්‍යාපාරිකයන්   අතර  වසර ගණනක පළපුරුදු ව්‍යාපාරිකයෙකු වන විජේසිංහ මහතා සමග කරන ලද කතා බහකි.   
ඹබේ ව්‍යාපාරයේ   ආරම්භය සිදුවුණේ    කොහොමද?
1987   වර්ෂයේදී   තමයි   මේ ව්‍යාපාරය   ආරම්භ  කළේ.
මගේ තාත්ත  මං  කුඩා  කාලේ  ඔරලෝසු   අළුත්වැඩියා  කිරීමත්,  පසුව  මීටර්  අළුත්වැඩියා   කිරීමත්  නිසා  ඉන්  බලපෑමක්  මටත්  ලැබුණා. ඒ අංශය ගැන  මට  ලැදියාවකුත්  තිබුණා.
මේ  තැන ස්ථානය  ලැබුණේ  කොහොමද ?
මේ  මීමැඩුම  බිල්ඩිම  අයිති  කෙනා යහපත්  මනුස්සයෙක්.  ඔහු සියුම්  වැඩවලට  දක්ෂයි. එසේම  කලාවටත් දක්ෂ  කෙනෙක්. ඔහුගේ ව්‍යාපර  අරම්භ  වන්නෙත්  කුඩා තැනකින්. මුලදි  පාපැදි  වලට  පැච්  දැමීම  පවා  කරල තියෙනවා. පසුව  තම  ව්‍යාපාර  කටයුතු  දක්වා  මහන්සියෙන්  ආව  ගමනක්  තමයි  ඔහුට  තියෙන්නේ. අපේ  තාත්ත  ඒකාලේ  ඔහු  සමග  කටයුතු  කළා. ඒ අනුව  ඔහු  තාත්තට   මේ  බිල්ඩිමෙන්  කොටසක්  දුන්න  ව්‍යාපාරයක්   කරගෙන  යන්න  කියල.  මේ ව්‍යාපාරය   එහි  ප්‍රතිපළයක්.
ඔබ අළෙවි කරන නිශ්පාදන  වල ප්‍රමිතිය යමක් කිව්වොත්?  
මම මගේ ම  සාප්පුවට වැඩිපුර ගන්නෙ  ජපන්  බඩු.  ඉන්දීය  වෙළද‍පොල  විශාල වීම  නිසා   ජපන්  අමතර කොටස්  සඳහා  තිබුනු  ඉල්ලුම  අඩු වුණා.
ඔබේ  ව්‍යාපාරයේ වර්තමාන කටයුතු  ?
ර්‍  මම  ලැබෙන   ලාභය  ගැන  පමණක්  හිතන්නේ නෑ.  යමක්  මිලදී  ගන්න  එන  කෙනාගෙ අවශ්‍යතාවය   අනුව  තමයි  අදාළ  දේ  විකුණන්නේ. අද  ගොඩක්  ලොකු  ව්‍යාපාරිකයො පාරිභෝගිකයාව  නොමග  යවනවා.  විවිධ මිල ගණන්  අය කරනවා. උදාහරණයක්  ගත්තොත්  රුග 500 කෑල්ලකට  රුග 2000රැ  ගත්ත  අවස්ථා  ගැන මම දන්නවා. ඒනිසා  වෙළඳ  ව්‍යපාරයක්    සාධාරණ  වෙන්නෙ  තමන්ගේ  ඉදිරියේ  ඉන්න  පාරිභෝගිකයට  අවංක    සේවාවක්   ලබාදුන්නොත්   පමණයි.

කතාබහ – සැම්සන් ඥානසිරි