ජපානයට පැරාලිම්පික් පැවැත්විය හැකිද…??

0
108

1234214_10151852353429653_342509971_n-415x260මෙම වසරේ ඔක් 16 වනදා පැවත්වුන බ්ලොග් ක්‍රියාකාරී දිනයේදී ජපානයේ ග්ලෝබල් වොයිස් සාමාජිකයින්  එරට ආබාධිතයන්ගේ මානව හිමිකම් වෙනුවෙන් කථාකිරීමට ඉදිරිපත් වී ඇත.

ඔවුන් මේ කතිකාවත පවත්වන්නේ 2020 වසරේදී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් හා පැරාලිම්පික් උත්සවයන් සදහා ජපානය සූදානම් වෙන පසුබිමක සිටය.

එරට ක්‍රීඩාපුවත් වෙබ් අඩවියක් වන චැලෙන්ජර්ස් ටී.වී.(challengers TV) කතෘ පවසන්නේ  2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට අවශ්‍ය හැකියාව ජපානය සතු බව තමන් විශ්වාස කරන බවත් ප්‍රශ්ණය ඇත්තේ පැරාලිම්පිකස් සම්බන්දව බවත්ය.
තවදුරටත් ඔහු පවසන්නේ ඔලිම්පික ්හා සසදන විට පැරාලිම්පික් සම්බන්දයෙන් ජනතාව සතු තේරුම්ගැනීම හා උනන්දුව  මදි බවයි.
එම නිසා ඉදිරි වසර 7ක කාලයේදී ඔලිම්පික් හෝ පැරාලිම්පික් අරමුණු කර නොගනිමින් මේ සදහා වැඩකලයුතු බවත් මෙහි අවසානය විය යුත්තේ ඔලිම්පික් හි සැබෑ අරුත වන “සාමයේ උත්සවය” යන්න අරුත් ගන්වමින් වඩා හොද අනාගතයක් වෙනුවෙන් ක්‍රියාකල යුතුවිම බව ඔහු පවසයි.

මෙලෙස පැවත්වූ කතිකාවතෙන් ඔවුන් පවසන්නේ ආබාධිත ක්‍රිඩකයන්ට හා තරඟ නැරඹීමට පැමිණෙන්නන්ට සැප පහසු ලෙස නවාතැන් ගැනීමේ  හැකියාව සහිත නඟරයක් ජපානය විසින් 2020 පැරාලිම්පික් උළෙල සඳහා ජපානයට ගොඩනැගීමට හැකිවුවහොත්  හා ඔවුන්ට සත්කාර කිරීමට හැකි වුවහොත් අනාගතයේදී ලොව පුරා ජනතාව තමන් වියපත් වූවායින් පසු තමන්ට ජපානයේ සැපපහසු ජීවිතයක් ගත කීරීමට අවශ්‍ය බව පවසනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here