ජපානය ආසියානු ක්‍රිකට් කවුන්සලයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගනී

0
494

.
අද දින ඉන්දුනීසියාවේ, බාලි නගරයේ පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සලයේ වාර්ෂික මහා සභාවේදී ,
එම කවුන්සලයේ සභාපති ජේ ෂා මහතා අතින් ජපානයේ ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක ඇලෙක්ස් මියාජි මහතා වෙත මෙම සාමජිකත්වය පිරිනැමීම සිදු කරනු ලැබුවා.
මේ සඳහා පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ සභාපති ශම්මි සිල්වා ලබා දුන්නා.

wp 1706694375339

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විධායක සභික මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සලයේ මූල්‍ය සහ අලෙවිකරණ කමිටුවේ සභාපති, ශම්මි සිල්වා , ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරි ඈශ්ලී ද සිල්වා ,වැඩ බලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මේ සඳහා සහභාගි වුණා .අනතුරුව පැවැති රැස්වීමකදී ශ්‍රී ලංකාව සහ ජපානය අතර ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළැඹීමේ මූලික කටයුතු පිළිබඳ ව සාකච්ඡා කළා.

IMG 20240131 WA0021 01

ඒ සඳහා උපදේශන කටයුතු ලබාදීමට කටයුතු කළේ ජපාන ක්‍රිකට් සංගමයේ විශේෂ උපදේශකවරයෙකු වශයෙන් මෙන්ම සහ ජපානයේ ක්‍රිකට් ක්‍රීඩා දියුණු කිරීම පිළිබඳව සන්නාම තානාපතිවරයෙකූ වශයෙන් කටයුතු කරන ප්‍රියන්ත කාරියප්පෙරුම මහතායි.

ජපන් ක්‍රිකට් සංගමයේ විශේෂ ආරාධනයකට අනුව ජපානයේ සංචාරක සහභාගි වී සිටින කාර්යප්පෙරුම මහතාගේ උණුසුම් සුභ පැතුම් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ජපානයේ ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක වන ඇලෙක්ස් මියාජි මහතාට පිරිනැමුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here