ජපාන සතත්ව උද්‍යානයක වදුරන් 57 ඝාතනය කෙරේ..

0
1067
ආක්‍රමණශීලී DNA ජාන ඇතැයි කියන හිම වදුරන්

උතුරු ජපානයේ සත්වඋද්‍යානයක සිටි හිම වදුරන් 57දෙනෙකු මාරාන්තික එන්නතක් මගින් මරා දැමීමට එම බලධාරීන් කටයුතු තර ඇත. එයට හේතුව වශයෙන් ඔවුන් දක්වන්නේ එම වදුරන් ගේ ශරීරය තුල ආක්‍රමණශීලී හදුනානොගත් DNA පැවතීමයි. සත්වඋද්‍යාන බලධාරීන් පවසන්නේ මෙම වදුරු විශේෂයේ සිදුකල DNA පරික්ෂාවකින් හෙලිවූයේ එම වදුරන්  ” rhesus macaque ” නම් වදුරු විශේෂය සමග දෙමුහුන් වී ඇති බවයි.

දේශීය නොවන rhesus macaque නම් වදුරු විශේෂය ජපානය තුල පැවතීම ජපාන නීතියට අනුව තහනම් වන අතර නිලධාරීන් පවසන්නේ තම රටේ දේශියත්වය සුරැකීම සදහා මෙම වදුරන් මරා දැමීමට තීරණය කල බවයි. ජපාන මැකාක් වදුරන් ජපානයටම ආවෙනික වදුරු විශේෂයක් වන අතර ජපානයේ සංචාරක කර්මාන්තයේ ප්‍රධාන අංගයක්ද වනවා.

ආක්‍රමණශීලි විශේෂ හෝ දෙමුහුම් විශේෂයන් ලගතබා ගැනීම හෝ ප්‍රවාහනය ජපාන නීතිය අනුව තහම් වන අතර ආක්‍රමණශීලි විශේෂ පිලිබද ජපාන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ මෙම සතුන් මරා දැමීම නවතා දැමිය නොහැකි බවයි.එයට හේතුව වන්නේ ඔවුන් සත්ව උද්‍යානයෙන් පැනගොස් හෝ කිසියම් ආකාරයකින් සත්ව උද්‍යානවලින් පිටත ස්වභාවික පරිසරයේ බොවීම සිදුවුවහොත් එය භයානක තත්වයක්  ඇති කල හැකි වීම බවයි ඔවුන් පවසන්නේ. ඒ හරහා ආවේනික විශේෂ දෙමුහුම් වීමක් සිදුවිය හැකි වන අතර ඒමගින් පරිසර පද්ධතියේ සමතුතිතභාවයට හානියක් විය හැකි බවයි ජපාන විශේෂඥයන්ගේ මතය වී තිබෙන්නේ.

 

ජපානයට ආවේනික Rhesus macaque වදුරන්
ජපානයට ආවේනික Rhesus macaque වදුරන්
ආක්‍රමණශීලී DNA ජාන ඇතැයි කියන හිම වදුරන්
ආක්‍රමණශීලී DNA ජාන ඇතැයි කියන හිම වදුරන්

 

www.bbc.com ඇසුරිණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here